IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අපරාධ අල්ලන්න පොලිස්-හමුදා 5735 රට පීරති

(අංජුල මහික වීරරත්න)

ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිවිධ හමුදාවේ 5735 දෙනෙකු සම්බන්ධ වී ඊයේ(2) රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය කියයි.

එහිදී පුද්ගලයන් 23157 දෙනෙක්ද වාහන 9876ක්ද යතුරු පැදි 6794ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත. 

එකී වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයන් 423 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ වලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකුද වරෙන්තකරුවන් 332 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.

 දේශියව නිශ්පාදනය කළ නීති විරෝධී ගිනි අවි 02ක්ද එදින අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම 2025 ජනවාරි මස 01 වන දින සිට 2025 අගෝස්තු මස 01 දින දක්වා වන මාස 07ක කාලය තුළදී පමණක් හෙරොයින් කිලෝ 930.125 ක ප‍්‍රමාණයක්ද ඒ අනුව හෙරොයින් සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 37251 දෙනෙකු මුල් මාස 07 කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇත. 

2025 ජනවාරි මස 01 දින සිට 2025 අගෝස්තු මස 01 දින දක්වා වන මාස 07ක කාලය තුළදීී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1398.499 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගත වූ මාස 07ක කාලය තුළදී පුද්ගලයන් 45111ක ප‍්‍රමාණයක් අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ද වැරදි සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම ජනවාරි මස 01 දින සිට අගොස්තු 01 දක්වා වන මාස 07 ක කාලය තුළදී ගංජා සම්බන්ද වැරදි සම්බන්දයෙන් පුද්ගලයන් 40404ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර කිලෝ 11 438ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. 

ඒ අනුව දෛනිකව මෙහෙයුම් විශාල සංඛ්‍යාවක් කරමින් මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා අඛණ්ඩව ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි.

රටේ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතින්නේ යැයිද අමාත්‍යාංශය කියයි. 

 



අදහස් (4)

අපරාධ අල්ලන්න පොලිස්-හමුදා 5735 රට පීරති

Nihal Dharmatileke Sunday, 03 August 2025 04:28 PM

කවදාද ආරුගම්බේ යන්නේ?

:       3       4

fernandoSunday, 03 August 2025 09:04 PM

කුඩ්ඩෝ පාතාලය එමටයි ... පදුරකට ගලක් ගැහුවොත් බන්ධනාගාරයක් පිරෙන්න අල්ලන්න හැකියි... එහෙ මෙහෙ දගලන්න ඕන නෑ බොරූ රඟපෑම් වලට.

:       0       1

fernando Sunday, 03 August 2025 09:01 PM

මෙපමණ කල් ඉඳලා දැන් ද අල්ලන්න යන්නේ. හිනා යනවා ඕයි... පාතාලේ නවත්වන්න ඉස්සර රනිල්ව අල්ලලා දාන්න ඇතුලට... බටලන්ද, මහ බැංකුව, ඇතුළු අනෙක් නීතිවිරෝධී වැඩවලට.

:       1       1

maalaka Monday, 04 August 2025 07:22 AM

අල්ල ගන්න ඒවාට මොකද කරන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 251 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1600 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site