
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොලිසියේ මේවන විට පුරප්පාඩු 28000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර එයින් පුරප්පාඩු 5000ක් කඩිනමින් පිරවීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මේ වන විට ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී අදාළ කටයුතු ආරම්භ කොට ඇති බවත් මේ වසර තුළ මෙම පිරිස බඳවා ගැනීම සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන අය අතුරින් 10,000ක පිරිසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කීවේ පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය.
ආනන්ද විජේපාල මහතාගේ සභාපතීත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතාගේ සභභාගීත්වයෙන් මෙම උපදේශක කාරක සභාව රැස්විය.
පොලිස් සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාරක සභාවේදී ඉදිරිපත් කළ විමසීම්වලට පිළිතුරු ලබා දෙමින් විජේපාල මහතා මේ බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්නේ මූලික සුදුසුකම් නැති අය... ආණ්ඩුවේ වුවමනාවටත් වඩා ඉන්න රජයේ සේවකයින් අඩු කරනවා වෙනුවට මෙහෙම බඳවා ගැනීම්වලින් අමාරුවේ වැටෙන්නේ රට... මොකද මොවුන් නොමිලේ සේවය කරන්නේ නැහැ... පැලවත්ත අරමුදලෙන් මොවුන්ගේ පඩි ගෙවන්නෙත් නැහැ. අන්තිමට රටට බරක් වෙන එක විතරයි...
ගුරුවරු ලක්ෂයක් විතර තව ඕනැලු හෙදියන් දහස් ගණනක් ඕනැලු පොලිසියට 28000ක් ඕනෑලු! ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටත් තව ඕනෑලු! ඔය විදියට පුරප්පාඩු පුරවන්න ලංකාවේ ජනගහනය මදිවෙයි බංගලියෝ වත් ගෙනෙන්න වෙයි වගේ...! මහින්ද ලක්ෂ හතේ රජයේ සේවකයින් ප්‍රමාණය ලක්ෂ විස්සක් කළා... මෙයාලත් තව ඕනෑලු..! දේශපාලුවන්ගේ ඡන්ද මැෂිම රජයේ සේවය!. මේ සෙල්ලම ඉවර වෙන්නේ කවදාද...?
පොලීසියේ පුරප්පාඩු ඇතොත් ඒවා පිරවීම සුදුසු පරිදි කල යුතුය. වෙනත් රාජ්‍ය ආයතනවල මොන පුරප්පාඩුද කව්ද කියන්නෙ. ඉන්න සේවකයින්ට අයිස් ගහන්නෙ නැතුව වැඩ කරන්න කියන්න. බොහොමයක් පිංපඩි ගන්න පුරුදුවෙලා
මානව සම්පත් කළමනාකරණය කියලා විෂයක් තියනවා. මෙම ආයතනවලත් එම අංශය සහ තනතුරුද පිහිටුවා තියනවා. වර්තමානයේ එම පුටුවල ඉන්න අය මානව සම්පත් කළමනාකරණය කියලා කරන්නේ නිලධාරීවාදය හිස් මුදුනේ තබාගෙන... එයාලාගේ හෝ එයාලාගේ තනතුරුවලට අදාල උසස්වීම් සහ අභිප්‍රේරණ සාධකයන්ට අදාළ ප්‍රථිපත්ති වලට මූලික තැන දී ක්‍රියා කරන්න විතරයි. ඒ නිසා කිසිම විටක සමස්ථ සේවකයින්ගේ බඳවා ගැනීම්, උසස් කිරීම් පුහුණුව සහ සංවර්ධනයන් ගැන දක්වන ලබන ප්‍රමුඛතාවය පහළ මට්ටමක ඇත. සිස්ටම් චේන්ජ් කරන වගකීම තියෙන්නේ ජනපති තුමාට විතරද? නැහැ මම දන්නේ මේ විදියට තිබුනොත් අපි හැමදාම ජාති ආගම්, ජාති, කුල සහ තනතුරු යන කුලක වලට වෙන් වෙන්ව බෙදිලා ඉන්නවා. එම කුලක ඡේදනය වන යුගයක් පේන තෙක් මානයක නැත...