
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙනයාමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් සංවිධානය කරන ක්‍රීඩා සතිය වැඩසටහනේ සමාප්ති උළෙල අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී ස්වවායු ව්‍යායාම වැඩසටහන ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් හා රිද්ම යෝගා ඇකඩමියෙහි (Rhythmic Yoga Academy) ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් ටොරිංටන් ක්‍රීඩාංගනයේ දී පැවැති යෝගා වැඩසටහනත් සමඟින් ක්‍රීඩා සතිය නිමාවට පත්විය.
මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමත්, අනාගතයේ දක්ෂ ක්‍රීඩක ක්‍රිඩිකාවන් බිහිකිරීමත් ක්‍රීඩා සතියෙහි අරමුණ බවයි.
රටක් දියුණු වීමට නීරෝගී ජනතාවක් සිටිය යුතු අතර ඒ සඳහා ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම වැදගත් බව අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියැවීමට වඩා ක්‍රීඩා කිරිම් අමාරුයි. කරන්න යන දෑ කියන්න අපටද දැන් ගන්න...
ඉස්සර ඉඳපු ඇමැතිලා කිව්වේත් ඔය ටිකම තමයි... කරනවා, ප්ලෑන් හදනවා එහෙම, එත් කෙරුණු රෙද්දක් නැහැ. ඒ අස්සේ පුනරුදේ ගෙනා මාලිමා ඇමතිලාත් කියනවා අර පරණ කතා ටිකම එක පිල්ලක් අඩු නැතිව! මම දැක්කා ප්‍රවෘත්තියක් කර්මනියේ තිබුණු විශ්වවිද්‍යාල තරඟාවලියට සහභාගී වුණු ලංකාවේ ක්‍රීඩකයෙක් පැනලා කියලත්. ඔන්න වැඩ!