(නිමල කොඩිතුවක්කු)
ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම රට ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ පිළිබඳ සතුටට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම බදු සංශෝධනය තුළින් ශ්‍රී ලංකාවේ අපනයනවල කලාපීය තරගකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යෑමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඇමරිකාව විසින් මෙරට භාණ්ඩ සඳහා අයකරන තීරු බදු අනුපාතය 20% ක් දක්වා අඩුකිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවසීය.
මෙවැනි තත්ත්වයන් තේරුම් ගනිමින් ශ්‍රී ලංකාවේ තිබෙන වෙළෙඳ සීමා මායිම් ලිහිල් කරමින් ලංකාව ලෝකය සමග එකතු කිරීමට කටයුතු කිරීම තුළින් තවත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීවේය.
ශ්‍රී ලංකාවට ලැබුන බදු සහනය සම්බන්ධයෙන් හදවතින්ම සතුටුවන බවත් මේ වෙනුවෙන් තිරය ඉදිරිපස හා පිටුපස කැපවී කටයුතු කළ සියල්ලන්ට ස්තූතිවන්ත වන බවද ඔහු සඳහන් කළේය.
කුඩා රටක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝග තේරුම් ගනිමින් එම සහනය ලබාදුන් ඇමරිකාවටත් ස්තූතිවන්ත වන්ත වන බවද මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාගේ වර්ථමාන නායකයායි, අතීත නායකයායි නම් බොහෝම දුක් වෙනවා ඇති, අනුර ට්‍රම්ප්ට කෝල් එකක් නොදී හා ණය ගෙවන්නේ නැහැ කියලා තර්ජනය නොකර බදු කර ගත්ත නිසා...
ඔයා හොඳින්ම දන්න ඇමෙරිකාව, ඔවුන්ට වාසියක් නැතුව, නිකම්ම අනුකම්පාවට බද්ද 30% ඉඳන් 20%ට අඩුකරන්නේ නෑනෙ හර්ෂ. මේ මෝඩරැල රටට අහිතකර පොරොන්දු කීයක් ඇමෙරිකාවට දීලාද කියලා හොයලා බලන්න...
කරුණාකර දැන් අපේ රටට ආනයනය කරන බදු වලට ගහන තීරු බද්දත් 20-30% ප්‍රමාණයට අඩු කරන්න.. මෙහෙ ගහන තීරු බද්ද උහුලන්න බැහැ.