බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් අද (12) දා පස්වරුවේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 12 February 2025
කඩුවෙල ජාතික පාසල් ගැටුමේ සිද්ධියට මුල් වූ සිසුන්ට ඇප කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකාර සිසුන් අට දෙනා මුදා හැරීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ගීතා ආරියසේන මහත්මිය අද (12) දින නියෝග කලාය 12 February 2025
‘බොරුවෙන් බලයට ආපු අයට ස්භාවධර්ම දඩුවම් දීම අරඹලා‘ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 12 February 2025
ලස්සන ලෝකයක් හදන්න එන්නැයි ජනපති ලෝකයට ආරාධනා කරයි ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 12 February 2025
මුහුදේ ගසාගෙන ගිය 13 කගෙන් 12ක් බේරා ගැනෙති :අයෙක් අතුරුදන් පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 12 February 2025
’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’ අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට්‍ය උළෙල’ ටවර් හෝල් රඟහල පදනමේ සභාපති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලා කේන්ද්‍ර කරගනිමින් අද (12) ආරම්භ විය. 12 February 2025
සැඟවූ කීරි සම්බා කිලෝ 15,000ක් පිටකොටුවේ පිටකොටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සගවා තිබූ කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3,000 ක කිලෝග්‍රෑම් 15,000 ක් භාරයට ගෙන නඩු පැවරූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය. 12 February 2025
හොරෙන් ගෙනා කෝටි 4ක සැප රිය සමග අයෙක් මාට්ටු නීති විරෝධීව කන්ටේනර් රථයකින් මෙරටට රැගෙන ආ කෝටි 4ක් පමණ වටිනා මොන්ටීරෝ ජීප් රථයක් සමග හෝටල් සමූහයක කෝටිපති ව්‍යාපරිකයෙක් ඊයේ (11) පැලවත්ත, ජපන් මිත්‍රත්ව පාර අසලදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 February 2025
වාද්දුවේ සිද්ධියට පොලිසියේ 4ක් අත්අඩංගුවට වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වාද්දුව පොලිසියේ කොස්තාපල්වරුන් 4 දෙනකු අත්අඩංගුවට අද (12) ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 12 February 2025
ලංකාව ලකුණු 49කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 49 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. 12 February 2025
චීන්නුන්ට කසිප්පු විකිණූ චීනෙක් අත්අඩංගුවට වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි කළ චීන ජාතිකයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 12 February 2025
විදුලිය කපනවාද නැද්ද තීරණ හෙට විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (13) පෙරවරුවේ තීරණය කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (12) පස්වරුවේ පැවසීය. 12 February 2025
ටෙලිනාට්‍ය කර්මාන්තයේ දියුණුවට ආණ්ඩුවෙන් අතහිත ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 12 February 2025
උපදේශක රොත්තකට පිං පඩි දීලා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඛනිජ තෙල්, ලිහිසි ද්‍රව්‍ය සහ ජලය නියාමනයකට පත්කෙරුණු උපදේශකවරුන් ඒ කටයුතු වලට යොදා නොගෙන රුපියල් කෝටි දෙකකට වැඩි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 February 2025
ඉන්දියානු මහා කෝමසාරිස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකියි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කෝමසාරිස් සන්තොස් ජා මහතා මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් සමග විශේෂ සාකච්ඡාවක නිරත විය. 12 February 2025
රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අළුත උපන් සිංහ පැටවුන් හය දෙනාට නම් තැබිම අද (12) සිදුවිය. 12 February 2025
ඇමැතුමක්දී තර්ජනය කළ පොලිස් පොඩ්ඩාට වැඩ වරදී ‘අද උඹලාගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා. පුළුවන් දෙයක් කරපං‘ යනුවෙන් තංලංගම පොලිසියට දුරකතන ඇමැතුමක් දුන් බව කියන එම පොලිසියේම කොස්තාපල්වරයකු අත්ඩංගුවට ගත් බව තලංගම පොලිසිය පැවැසීය. 12 February 2025
මළ ගෙදරක බූරුපිටියේ වලියෙන් තිදෙනකු රෝහලේ අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11) ප්‍රතිකාර සඳහා මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි . 12 February 2025
කෝටියක ‘අයිස්‘ සමඟ අයෙක් මාට්ටු රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අද (11) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 12 February 2025
ජනපති - කුවේට් අගමැති හමු වෙයි 2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් පැවැත්විණි. 12 February 2025
‘කර්මාන්ත ක්ෂේත්රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘ ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හෝමාගම දී පැවසීය. 12 February 2025
ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය. 12 February 2025
රිය අනතුරින් තිදරු මව මරුට යතුරුපැදියක් පදවාගෙන යමින් සිටි කාන්තාවක් කහතුඩුව පොල් ගස්ඕවිට හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව පෙරළී අනතුරට පත්වීමෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය කියයි. 12 February 2025
නීතිපතිවරයාට බලපෑම් කිරීම කැත වැඩක් නීතිපතිවරයාගේ තීන්දුව වෙනස් කිරීමට රජය දේශපාලන බලපෑම් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 12 February 2025
ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය පොලිසිය කියයි. 12 February 2025
වාද්දුවේ සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායමේ දෙකක් වාද්දුව පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් වෙන් වෙන්ව විමර්ශන කණ්ඩායම් දෙකක් පත්කර ඇති බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කරයි. 12 February 2025
ජාතික පාසලේ ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් බාරයට කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 12 February 2025
අර්ජුනාගේ පහරදිමකින් දෙන්නෙක් රෝහලේ යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි. 12 February 2025
දිසා කීපයකට සුළු වැස්සක් මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 February 2025
තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීණි. 12 February 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026