IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමෙරිකා ජාතික වෙසක් උත්සවයට උපරිම සාහාය

ලබන වසරේදී අමෙරිකාවේ  ප්‍රථම වතාවට පැවැත්වෙන ජාතික වෙසක් දින සැමරීම සදහා ශ්‍රී ලංකා රජයේ උපරිම සහාය ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන 2026 ජාත්‍යන්තර වෙසක් සැමරුම සම්බන්ධව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අමෙරිකාවෙන් වැඩමකළ ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ ප්‍රධාන ධර්මදූතත කණ්ඩායම අතර සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවතී සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ටෙක්සාස් ප්‍රාන්ත රජය වෙසක් දිනය නිල වශයෙන් පිළිගත් බවත්, එරට රජය නිල ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී අමාත්‍යවරයා දැනුම්වත් කරන ලදී.

2026 වසරේ පවත්වනු ලබන වෙසක් උත්සවය සඳහා පැමිණෙන ලෙසද ධර්මදූත කණ්ඩායම අමාත්‍යවරයාට මෙහිදී ආරාධනා කළේය.

මෙම නිල වෙසක් උත්සවය සඳහා අස්ගිරි පාර්ශවය සහ මල්වතු පාර්ශවය මහා නා හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් ඇමරිකාව ටෙක්සාස් වෙත වැඩම කිරීමටද නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සහ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ .

 



අදහස් (3)

ඇමෙරිකා ජාතික වෙසක් උත්සවයට උපරිම සාහාය

Nickon Thursday, 31 July 2025 12:05 AM

ඒ වෙසක් උත්සවයේදී වත් අශෝක රංවලට බුදුදහමේ ඉගැන්වෙන මුසාවාදයෙන් වැලකීමේ සිල්පදය ගැන ඉගෙන ගන්ට ලැබේවා.

:       0       2

මිලානෝ වැසියා Thursday, 31 July 2025 04:53 AM

අපරාදේ, අශෝක රන්වලගේ උපාධිය ජපානේ නැතිව ඇමෙරිකාවේ තිබුනානම්, වෙසක් උත්සවයට ඇමෙරිකා ගිහින් එද්දි උපාධි සහතිකෙත් අරගෙන එන්න තිබුනා. පව් මිනිහා තාම පයින් ජපන් යන ගමන් මෙතනටත් ගොඩවෙලා.

:       0       2

පිටිගල මිලානෝ Thursday, 31 July 2025 01:55 PM

වන්දනා නඩ කීපයක් දැන්මම යන්න ලෑස්ති වෙනවා….

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site