සිසුන්ට කන්න ගෙනා සහල්- පරිප්පු නරක් වෙලා
රජයේ ආහාර , පෝෂණ වැඩසටහන යටතේ තඹුත්තේගම කලාපයේ පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා තඹුත්තේගම මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයෙන් තඹුත්තේගම මහේස්ත්රාත් බුද්ධික මලවත්ත මහතා ඉදිරියේදී විනාශ කරනු ලැබිණි.