IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර වෙයි

(අංජුල මහික වීරරත්න)

දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමට රජයේ අනුමැතිය ලැබී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අළුතින් තවත් ආදේශක තැපැල් සහායකයින් 1000 ක් ලියාපදිංචි කර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

ඒ අනුව අදාළ බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු නුදුරේ දීම සිදු කරන බව  අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු පිළිබඳව හදිසි නිරීක්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නිරීක්ෂණයෙන් අනතුරුව මධ්‍යම තැපැල් හුවමාරුවේ වත්මන් කටයුතු, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳ නිලධාරීන් සහ සේවක කාර්ය මණ්ඩලය සමග පැවැති  හමුවක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ කරුණු සඳහන් කළේය.

සමස්ත රාජ්‍ය සේවාවේ මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ද  තිබෙන පොදු ප්‍රශ්ණයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටළු නිරාකරණය සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

වසර 200 ක පමණ ඉතිහාසයක් සහිත තැපැල් සේවාවේ උපතැපැල් කාර්යාල දක්වා ආදායම් ඉලක්ක ලබාදීම, නව සේවාවන් හදුන්වා දීම,  නව තැපැල් කාර්යාල ආරම්භ කිරීම හා නවීකරණය කිරීම ආදී වශයෙන් වූ නවීකරණ කටයුතු සිදු කරමින් පවතින බව අමාත්‍යවරයා කීය.

 

 



අදහස් (0)

ආදේශක තැපැල් සහායකයන් දාහක් ස්ථිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site