
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත බාරදෙනු ලැබීය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා 1986 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස ඇත.
පානදුර රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස රාජකාරී දිවිය ආරම්භ කළ කළුබෝවිල මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරී, ආයතන භාර වෛද්‍ය නිලධාරී ආදී වශයෙන් තනතුරු රැසක සේවයෙන් පසු හොරණ රෝහලේ වෛද්‍ය අධිකාරී ලෙස වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයට පිවිසියේය.
වෛද්‍ය පරිපාලන සේවාවට අදාළ පශ්චාත් උපාධිය කොළඹ පශ්චාත් උපාධි ආයතනයෙන් 2002 වසරේ ලබාගෙන ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා ඉන් අනතුරුව පානදුර රෝහල, හොරණ රෝහල, කළුතර මහ රෝහලේ මෙන් ම කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ ලෙසත්, කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) ලෙසත් කටයුතු කර ඇත.
වෛද්‍ය තමර කළුබෝවිල මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී අද (30) උදෑසන සිය ධූරයේ වැඩ බාර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් පරිපාලනය සම්බන්ධයෙන් එතුමාට සුදුසුකම් තියන නිසා හොඳ රාජකාරියක් කරාවි කියා බලපොරෝත්තු වෙනවා.
මෙතුමාත් බේරිලා ඇමතිවරයාගේ වස්ත්‍රයත් බෙරාගැනීමට හැකි දක්ෂයෙක්. හැබැයි රෝහලත් එහෙම තිබ්බ විධියටම තියෙයි.
පොහොට්ටු ආණ්ඩුවක් තිබුන නම් මේවෙනකොට අර දොස්තර නෝනා විසින් ඇයගේ පුද්ගලික සමාගමත් ඕක ඇතුලෙම දමාගෙන , බඩු ටිකත් විකුණගෙන , මිනීපෙට්ටි සාප්පුවකුත් රෝහල තුලම දමාගෙන මළමිනී ටිකත් ඔපරේෂන් තියටර් එක ඇතුලෙම එම්බාම් කරලා එවාවි
මෙය හොඳ පියවරක්. වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ වී ඇති පෙර සභාපති ජයනාග ගැන අපි කිසිසේත් සෑහීමකට පත් නොවෙමු.
පෙර සභාපතිවරයාට මෙම ක්ෂේත්‍රයේ හෝ ඔහුගේම කර්මාන්තයේ කිසිදු අත්දැකීමක් නොතිබුණි. ඔහු තම කාලය නාස්ති කළේය. කාලෝචිත මැදිහත්වීම ගැන අමාත්‍යතුමනි, ඔබට ස්තූතියි.
එතුමා කලුතර විතරමද වැඩ කරලා තියෙන්නේ?