IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බීඩි ෆැක්ටරි 300ක් හොරට වැඩ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බීඩි බලපත්‍ර තුන්සීයක් තවමත් අලුත් කර නැතැයි  සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  දැනුම් දුන්හ.

ගිය වසරේ බීඩි බලපත්‍ර 1140ක් නිකුත් කර ඇතැයිද ඹවුහු පැවැසූහ.

මේ අතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සෑම බීඩි වර්ගයක් සඳහාම අය කරන දුම්කොළ බද්ද මෙම වසරේ අප්‍රේල් මස 2 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් දෙකේ සිට රුපියල් තුන දක්වා වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමත කළේය.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 22 වැනිදා රැස්විය. මෙම අනුමත කිරීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

බීඩි නිෂ්පාදනයෙන් පසුගිය වසරේදී  රුපියල් කෝටි දෙසීයක ආදායමක් අපේක්ෂා කළද ලැබී ඇත්තේ රුපියල් කෝටි එකසිය පහක් පමණක් බව එම කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

බීඩි නිෂ්පාදනයෙන්  මේ වසරේ මේ දක්වා රැස් කර ඇත්තේ රුපියල් කෝටි හතළිස් හතකට ආසන්න මුදලක් පමණක් බව  පැවසේ.

මහා පරිමාණ අනීතික බීඩි ජාවාරම  සඳහා ප්‍රමාණවත් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම මෙම අඩුපාඩු ඇතිවීමට හේතුව බව සුරාබදු කොමසාරිස්  ජනරාල්වරයා  මුදල් කාරක සභාවට  දැනුම් දුන්නේය.



අදහස් (1)

බීඩි ෆැක්ටරි 300ක් හොරට වැඩ

Sampath Tuesday, 29 July 2025 06:22 PM

සුරාබදු දෙපාර්තමේන්තුව වහලා දැම්මා නම් ඔය කෝටි දෙසීය හොයාගන්න තිබ්බා...!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site