IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහානාම ශිෂ්‍ය පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවේ

(අංජුල මහික වීරරත්න)

කොළඹ 03 මහානාම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (29) පැවැත්වීණි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව මහානාම විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.

එහිදී එම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සිදු කෙරිණ.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායක පත් කිරීම, කථානායක දිවුරුම් දීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීම ද සිදුවිය.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් හට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීම සහ ලංකා බැංකු ගිණුම් විවෘත කිරීමද මේ හා සමගාමීව සිදු කෙරිණි.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක  තිළිණයක් ලෙස පාසල වෙත වටිනා පැළ ලබා දීම සහ විෂන් සඟරාව පිළිගැන්විම සිදුකරන ලදී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  අධ්‍යක්ෂ  ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන අධ්‍යක්ෂ සන්නිවේදන ජයලත් පෙරේරා, ජනාධිපති කාර්යාලයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ආසිරි ගාල්ලගේ, සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, මහජන සේවා නිලධාරි දුමින්ද වික්‍රමසිංහ, කොළඹ මහානාම විද්‍යාලයේ විදුහල්පති ප්‍රභාත් අයි. විතානගේ, ශිෂ්‍ය පාර්ලිමේන්තු භාර ආචාර්ය ජානකි මදවනආරච්චි යන මහත්ම මහත්මීහු,ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

මහානාම ශිෂ්‍ය පාර්ලිමේන්තුව පරණ පාර්ලිමේන්තුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site