
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලනඥයන්, වෘත්තීයවේදින් කලාකරුවන් ඇතුළු දෙදහසකට වැඩි පිරිසකගේ දුරකතනවලට හැකරුන් (Hackers) මෑත භාගයේදී වරින් වර හොර රහසේ ඇතුළුවී මුදල් වංචා කර ඇතැයි පොලිස් සහ දුරකතන සේවා ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ හැකරුන් රිංගු කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද ඇතුළත් වෙති.
සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ජංගම දුරකථනයටද පෙරේදා (28) හැකරකු රිංගා ඔහුගේ දුරකථනයට ඇතුළත් කරගෙන සිටින පුද්ගලයන්ට කෙටි පණිවිඩ යවමින් බැංකු ගිණුමකට මුදල් බැර කරන ලෙසට ඉල්ලීම් කර ඇත.
කෙසේ වෙතත් වාසනාවටකිසිවකු හෝ හැකරුන්ගේ එම වංචාවට හසුව නැති බව වාර්තාවේ.
මුජිබර් රහුමාන්, කින්ස් නෙල්සන් සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ දුරකථනවලටද මෙයට පෙර හැකරුන් රිංගා තිබිණ. කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයාගේ දුරකථනය හැක් කෙරුණු අවස්ථාවේදී සහෝදර මන්ත්‍රීවරයෙකු හැකරුන්ගේ ගිණුමකට රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කර ඇත.
තමා වෙනුවෙන් එම මුදල තැන්පත් කෙරුණු හෙයින් ඒ මන්ත්‍රීවරයාට තමා ලක්ෂයක මුදල දුන් බවද නෙල්සන් මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා පැවසුවේ තමාගේ ජංගම දුරකථනය හැක් කෙරුණු අවස්ථාවේදී විදේශයන්හි හිතවතුන් දෙදෙනකු හැකරුන්ගේ වංචාවට හසුව මුදල් තැන්පත් කර තිබූ බවයි.
මේ අතර සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මියගේ ජංගම දුරකථනයටද හැකරකු ඇතුළු වීමට දැරූ උත්සාහයක් ඇයගේ කල්පනාකාරී බව හේතුවෙන් වැළකී ගොස් තිබිණ.
තම හිතවතකු මුදල් ඉල්ලා සිය ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබුණහොත් වඩා කල්පනාකාරීව අදාල හිතවතාට කතාකර එය සත්‍ය පණිවිඩයක් දැයි නැවත නැවතත් තහවුරු කරගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බොහෝ හැකරුන් විවිධ පුද්ගලයන්ගේ ජංගම දුරකතන වලට ඇමතුම් ලබා දී විවිධ කටයුතු වලට සම්බන්ධ කරගන්නා බව පවසමින් විවිධ විස්තර හෝ අංක හුවමාරු කර ගෙන මෙසේ දුරකථන හැක් කරන බව කියති.
විවිධ හැකරුන් සමාජයේ වැදගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට සූක්ෂම ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමේ සිද්ධීන් වැඩි වී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙම මූල්‍යමය වංචා වැළැක්වීමට අදාල අංශ මීට සක්‍රීයව මැදිහත් විය යුතු බව ජනතාව පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නම ගිය දෙදාහකගේ ෆෝන් වලට ’’හැකරු’’ රිංගලා
pakeer Wednesday, 30 July 2025 01:03 PM
මේවා කරන්නේ බොහෝ වෙලාවට හැකර්ලා නෙමේ... ලඟම ඉන්න උන්ගේ දේවල් දන්න එවුන්. එහෙම නැතුව ඉලෙක්ට්‍රොනිකලි නෙමේ.