රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීිරණය කළේය. 03 June 2025
බාධා කල්ලි ඔක්කොම පරාජය කරනවා කල්ලි කණ්ඩායම් අටවාගෙන ආණ්ඩුවේ ගමනට කරන බාධා සියල්ල පරාජය කරන්නට රජය සූදානම් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 June 2025
අලුත් සමථකරණ පනත පාර්ලිමේන්තුවට සමථ කරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
කම්කරු පනත් අලුත් කරන්න කමිටුවක් කෙටුම්පත් සේවා නියුක්ති පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
නාමල් හර්ෂණ ගැටේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක් අද (3) පස්වරුවේ හට ගත්තේය. 03 June 2025
රෝග හතරට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සූදානම් ඩෙංගු චිකුන් ගුන්යා ඉන්ෆ්ලූවන්සා සහ කොව්ඩ් පැතිරීම පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 03 June 2025
උතුරු නැගෙනහිර ගෙවල් හදන්න වැඩිපුර සල්ලි දෙන්න අනුමැතිය උතුරු හා නැගෙනහිර පළාත් වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා ලබා දෙන මුදල් වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
රෝහලෙන් පැන්න ’සාන් සුද්දා’ යළි අල්ලයි බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ’සාන් සුද්දා’ නැමැත්තා මල්ලත්තාවල ප්‍රදේශයේදී අද (3) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය පවසයි. 03 June 2025
සාර්ක් සත්කාරකත්වයක් ලංකාවට සාර්ක් ප්‍රවාහනය සඳහා වන අන්තර් රාජ්‍ය කණ්ඩායමේ හත්වැනි රැස්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
තද බැක්ටීරියා ලෙඩට බේතක් පකිස්ථානයෙන් මෙරපනම් ඉන්ජෙක්ෂන් ග්‍රෑම් 1න් වයල්ස් 270,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
සංඥා භාෂාව පිළිගත් බසක් කරන්න යයි සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ලංකා - ලැට්වියා වරදකරු හුවමාරුවට ගිවිසුමක් දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය සහ ලැට්වියා ජන රජය අතර එළඹි ගිවිසුමට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ නව සභාපති දුෂාන් ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය මහතා ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස අද (3) වැඩ බාර ගත්තේය. 03 June 2025
ජනපති- ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (03) පැවැත්විණි. 03 June 2025
ඌරන්ට කාර්ය සාධක බලකායක් අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නගා සිටු වීම සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 03 June 2025
ප්රාග් යුගයේ සොහොන් 14ක් උහනින් හමුවේ අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භුමියේ තිබි ප්රාග් ඓතිහාසක යුගයට අයත් සොහොන් 14 ක් හමුවි ඇත. 03 June 2025
ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
රාජ්‍ය -පෞද්ගලික හවුල් ඒකකයක් පිහිටුවයි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බෝගම්බර බන්ධනාගාර ඉඩමට ආයෝජන යෝජනා කැඳවයි මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර 50 ක බදු පදනම මත බැහැර කිරීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බන්දුල පෙතියාට ’’කැබිනට්’’ ආදරයක් දුර්ලභ බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානයක් වන නික්කඳුපොල ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ලෝක ආහාර වැඩසටහනේ සැලසුමට අවසර ලෝක ආහාර වැඩසටහනෙහි ශ්‍රී ලංකා උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
ගෝතමාලා- ලංකා අවබෝධතා ගිවිසුමක් ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 June 2025
මාතලේට අලුත් දිසාපති කෙනෙක් මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
නාගරික ප්‍රවාහනයට මෙට්‍රෝ බස් එයි නාගරික ප්‍රවාහනය සඳහා මෙට්‍රෝ බස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බිරියගේ ගෙළ කපා පොලීසියට ගෙන ගිහින් සිය ගැබිනි බිරියගේ ගෙළ කපා යතුර පැදියේ තබාගෙන පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයකු අද (03) උදෑසන අත්අඩංගුවටගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය කියයි. 03 June 2025
ප්‍රයෝජනයට නොගත් රජයේ ඉඩම් පෞද්ගලික ව්‍යවසායකයන්ට රජයේ වැඩකට නොගත් (ඌන උපයෝජිත) ඉඩම්/ දේපළ ප්රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 03 June 2025
අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්ය සාධක බලකායක් අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
බඩ ඉරිඟු රටින් ගේන්න කැබිනට් අනුමැතිය ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රමිතිගත බඩ ඉරිඟු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 June 2025
මග හිටි ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් පාසල් පද්ධතියේ ප්රශ්නකාරී භාගෙට නතර කෙරුණු ව්‍යාපෘතිවලින් දරුවන්ගේ ජීවිතවලට අවදානමක් මතුව ඇතැයි අගමැතිනි සහ අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (3) පැවසුවාය. 03 June 2025
පියසේන ගමගේ අල්ලස් කොමිසමට එයි හිටපු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි බව එහි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 03 June 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026