
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ මැතිසබෙ විවාදයේදී දේශපාලන පක්ෂ තුනක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දැනටමත් තීරණය කර ඇත.
ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාව ට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම තීරණය කර ඇති දේශපාලන පක්ෂවේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ පක්ෂය ඉදිරි දිනවල රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත් කිරීමට මුල සිට විරුද්ධව සිටි පක්ෂයක් ලෙස මෙම යෝජනාවට සහාය දෙන බවයි.
ඔහුගේ පත්වීමටත් අරගලයට එල්ල කර ප්‍රහාරයටත් තම පක්ෂය මුල සිටම දැඩි ලෙස විරුද්ධවූ බව පැවසූ රාසමාණික්කම් මහතා ඒ සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදා පැවැත්වේ. එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දු නෙරපන යෝජනාවට පක්ෂ තුනක් මනාපයි
පිටිගල මිලානෝ Tuesday, 29 July 2025 01:48 PM
පොහොට්ටු කාරයෝ දැන් ගලේ පහරපු බළළා වගේ…අස් කරන්න පක්ෂ වුනොත් දේශබන්දු කට අරියි කියලා බයයි. විපක්ෂ වුනොත් රෙදි ඉල්ලේ…
visnu Tuesday, 29 July 2025 01:53 PM
ගහලා පැන්නිය යුතුයි
කපුරුහාමි Tuesday, 29 July 2025 02:28 PM
පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න ,කරපු තරමක් ජඩ වැඩ කෙරුවේ?
අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 06:16 PM
කවුරු පක්ෂ වුණත්, නූනත් දේශබන්දු වහ වහා පැන්නිය යුතුයි. ඒ විතරක් නොවෙයි, ඔහුට විරුද්ධව තියෙන සියලුම චෝදනා විභාගකර සුදුසු දඬුවම් ලබාදිය යුතුයි...