ශ්‍රී ලංකාවේ ත්‍රස්ත සංවිධානයකට බ්‍රිතාන්‍යයේ මුදල් එකතු කළ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
ශ්‍රී ලංකාවෙන් පළා ගොස් , බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා , මෙරට ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානයකට මුදල් එකතු කර , කොළඹ සහ වන්නි දිස්ත්‍රික්කය තුළ එම මුදල් බෙදාහැරීම සිදු කළ පුද්ගලයෙකු , කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .