
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග යැමේන් ඇතිවු ගැටුමකින් සිදු කළ පහරදිමකදි එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ,පලාපත්වල,මාතලේ වත්ත පදිංචි චතුරංග රත්නායක නැමති දහ අට හැවිරිදි තරුණයෙකි. මෙම මියගිය තරුණයා තවත් පුද්ගලයින් තිදෙනකු සමඟ ඊයේ (27) රාත්‍රීයේදී සැකකරුගේ නිවසට පැමිණ සැකකරු හා නිවැසියන් අතර බහින් බස්විමක් සිදු කරගෙන ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
එහිදි ඇතිවු බහින්බස්විම දුර දිග යාමෙන් සැකකරු අසළ තිබු තියුණූ ආයුධයතින් මරණයට පත් වු තරුණායාගේ ගෙල ප්‍රදේශයට පහර දි ඇති අතර තවත් පුද්ගලයෙකුට කැපුම් තුවාල සිදු කර ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම ගෙදරදී ආරක්ෂාව සපයාගැනීම තමුන්ගේ වගකීමයි. ඉල්ලාගෙන කෑමක් වගේ පේන්නේ. කරුණු සොයාබලා සැකකරු නඩුවකින් තොරව නිදහස් වෙන්නේ නම් සතුටු වෙමි...
බහින් බස්වීම් තහනම් කරන්න ඕනෑ...