IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


‘‘රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා‘‘

(ආනන්ද ඉ ජයකොඩි)

රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා දුම්රිය රක්ෂිතයේ නීති විරෝධීව තනා ඇති නිවසක පදිංචි වී සිටින භික්ෂූන් වහන්සේ නමක් අමතා අත්තනගල්ල  මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉකුත් ප්‍රකාශ කරමින් මාසයක් ඇතුළත එම නිවස ඉවත් කර ගෙන අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට එම වග උත්තරකාර හිමි නමට නියෝග කළේය.

මීරිගම විජය රජදහන ප්‍රදේශයේ ප්‍රධාන දුම්රිය මාර්ග රක්ෂිතය තුළ නීති විරෝධීව නිවසක් තනා ගෙන පදිංචි වී සිටින  භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව දුම්රිය ආරක්ෂක හමුදාවේ නීති අංශය විසින් නඩුවක් පවරා ඇත.

එම නඩුව පෙර දිනයේ කැඳවූ අවස්ථාවේ මාස දෙකක් ඇතුලත එම නීති විරෝධී නිවස ඉවත් කර ගන්නා බවට වග උත්තරකාර හිමි නම අධිකරණය ඉදිරියේ පොරොන්දු වී තිබිණ.

එම නඩුව ඉකුත් 25 වැනිදා නැවත කැඳවූ අවස්ථාවේ දුම්රිය ආරක්ෂක හමුදාවේ උප පරීක්ෂක ප්‍රියන්ත නන්දනතිලක මහතා කරුණු දක්වමින් වග උත්තරකාර පාර්ශවය අධිකරණයේ නියෝග පැහැර හරිමින් එම ස්ථානය ඉවත් කර නොගෙන එහි පදිංචි වී සිටින බව කියා සිටියේය.

මෙහිදී නීතීඥ අසේල අබේසුන්දර මහතා කරුණු දක්වමින් කඨින පූජෝත්සවය පැවැත්වීමට නියමිතව තිබෙන හෙයින් ඉවත් කර නොගත් බවත් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් රාජ නීතියයි ආගමයි දෙකක් ඒ දෙක පටලවා ගන්න එපා අපි කව්රුවත් නීතියට ගරු කළ යුතුයි නීතිය හැම දෙනාටම පොදුයි, මාසයක් ඇතුළත එම නීති විරෝධී ස්ථානය ඉවත් කර ගන්නා ලෙසට එසේ වග උත්තරකාර හිමි නමට නියෝග කළේය.

 



අදහස් (7)

‘‘රාජ නීතියයි ආගමයි පටලවා ගන්න එපා‘‘

ශ්‍රී ලංකා රාජ්‍යවාසී බකල ජයා Sunday, 27 July 2025 08:01 PM

රාජ නීති තිබුණේ රජ කාලේ, දැන් තියෙන්නේ රාජ්‍යයේ නීති නේද අපේ හාමුදුරුවනේ...?

:       14       18

රත්නායක Sunday, 27 July 2025 08:27 PM

හාමුදුරුවන්ට ඔය රක්ෂිත ඇතුළට රින්ගන්නේ නැතිව වෙන ලගින්න තැනක් ඇත්තේම නැද්ද? ඔක්කෝම හාමුදුරුවරු ඔහොම කලොත් ලොකු ප්‍රශ්නයක්නේ. ඕවා පොදු දේපළ...

:       3       46

අරවින්ද මොණරවිල Sunday, 27 July 2025 08:59 PM

මයිනාගේ කාලයේ තමයි ඔය සෙල්ලම පටන් ගත්තේ, සිවුරේ හයිය අරගෙන සමහරුන් අයුතු විදිහට හැසිරෙන්න පටන් ගත්තා, තමන්ට පක්ෂපාත ඕනෑ කෙනෙක්ට ඕනෑ දෙයක් කරගන්න ඉඩ දීලා රට හොරා කෑව කල්ලිය...

:       0       1

Nandalal DE SILVA - France Monday, 28 July 2025 01:12 AM

චන්ඩිකමට එම රජයේ ඉඩමට ඇතුල් වුනාට පස්සේ ගෙයක් දොරක් හදාගන්න මුදල් හදල්, ශ්‍රමදානය පිංතකා පූජාකළ, හිමි නමගේ දායක කාරකාදීන් පවා මේ අවනීතියට සම්බන්ධ බව පැහැදිලිවම පෙනෙනවා...

:       0       2

සඳුන් Monday, 28 July 2025 08:35 AM

අපේ ගෙදර ගාව පන්සලක් තියෙනවා. හරිම හිරි හැරයි ලවුඩ්ස්පීකර් සද්දේ නිසා. ගමේ ඒ අවට අය කිව්වට හාමුදුරුවරු අහන්නේ නෑ. දානේ ගෙන්නත් එපා, පාංශුකූලෙට එන්නෙත් නෑ කියලා තියෙනවා. පොලීසියේ අය ගන්නෙත් පන්සලේ පැත්ත. ගමේ ඈත කෙළවරේ මිනිස්සු හාමුදුරුවරුන්ගේ පැත්තේ. එයාලට ලවුඩ්ස්පීකර් ඕනෙලු. එහෙම සද්දෙන් දැම්මම අවට ගෙවල්වල මිනිස්සු කොහොමද ජීවත්වෙන්නේ. පුදුම ඝෝෂාවක් තියෙන්නේ. පන්සල් පල්ලිවලින් කරන මේ ශබ්ද දූෂණයන් නවත්වන්න නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       3

වග උත්තරකාර හාන්දුරුවෝ Monday, 28 July 2025 08:37 AM

මං හිතාන උන්නේ රාජ නීතියත්, සාංඝික දේපලක් කියලා...

:       0       2

fairoos Monday, 28 July 2025 11:56 AM

මෙන්න NPP ආණ්ඩුව ආගමට අගෞරව කරනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site