
(තරංග ගුණරත්න සහ ගයාන් සූරියආරච්චි)
වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් ප්‍රවාහනයට යොදාගත් බව කියන මෝටර් රථයක් සමඟ පුද්ගලයෙකු මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ වැලිගම උඩුකාව ප්‍රදේශයේ නිවසට ඉකුත් 16 දින උදෑසන 4.40 පමණ වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට සැකකරුවන් පලා ගොස් තිබිණි.
එම වෙඩි තැබීමෙන් අදාළ මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට හානියක් සිදුවී නොමැති බව වාර්තා විය.
යතුරුපැදියකින් පැමිණි බව කියන සැකකරුවන් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබූ අතර එහිදී එම අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාවට නිවසේ සිටි පොලිස් නිලධාරීන් විසින් ටි 56 වර්ගයේ ගිනි අවි වලින් සැකකරුවන් වෙත වෙඩි තබා තිබූ අතර එහිදී සැකකරුවන් පළා ගොස් තිබිණි.
මන්ත්‍රීවරයාට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පාතාල කල්ලි නායකයාගේ සහචරයෙක් තමයි, වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති හැටියට තරග කරන්නේ. ඒ නිසා ඔය ගේම ගැහුවේ ඔවුන්, එහෙම කරලා තොත්ත බබාලා වගේ මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා ලැජ්ජා නැතුව ! බලය නැතුව මොවුන් රඟන රැඟිලි දැක්කාම, බැරිවෙලාවත් සජිත් ජනාධිපති වුණා නම් අද රට පාලනය කරන්නේ පාතාලයින්...!