
(සුජිත් හේවාජුලිගේ )
පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක( පරිපාලන වැඩබලන සහ මධ්‍යම පළාත් භාර) සංජීව ධර්මරත්න ( බස්නාහිර පළාත් බාර ) රන්මල් කොඩිතුවක්කු( අපරාධ සහ රථවාහන) කිත්සිරි ජයලත්(දකුණු පළාත)සහ රාජිත ශ්‍රී දමින්ද( සහායක සේවා) එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙති.
ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රබල දේශපාලනඥයන් සහ නායක ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් පොලිස්පති ධූරය ගැනීමට ප්‍රබල උත්සාහයක මේ දිනවල නිරතව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දැනට කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පති ධූරය දෙන ලෙස ඇතැම් පාර්ශව රජයෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත් පොලිස්පති ධූරයට පත් කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ලබන 5 වැනිදා විවාදයට ගැනීමට නියමිත අතර එහිදී එම යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙනු ඇත.
තෙන්නකෝන් මහතා එසේ ඉවත් කෙරුණහොත් පොලිස්පති ධූරය සඳහා සුදුසු නාමයක් කඩිනමින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කිරීමට ජනාධිපතිවරයාට සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම සමහරුන්ට තනතුරු ගන්න දේශපාලකයෝ හාමුදුරුවරුන් පස්සේ යන ගතිය අතහරින්න බැරිවෙලා. එහෙම අයට කොහොමත් තනතුරු නොදිය යුතුයි.
පොලිස් උණ ප්‍රසිද්ධියේ සහ රහසේ ප්‍රදර්ශනය කළ අය ධුරය සඳහා සැලකිල්ලට ගැනීම ඉවත් කර ගැනීමට පුරවැසියෙකු ලෙස ඉල්ලීම ලියා තබමි.
දැන් ඔතන ඉතිරිවෙලා ඉන්න අයගෙන් ජේයෂ්ඨතම නිලධාරියා පතිනායක... දෙවැනියා ප්‍රියන්ත වීරසූරිය. තුන්වෙනියා සංජිව ධර්මරත්න... හතරවෙනියා සජීව මැදවත්ත, පස්වෙනිය කොඩිතුවක්කු. පතිනායක සිටිත්දී ප්‍රියන්තව වැඩ බලන්න පත්කළා නම් මිනිහාටම ඉතිරි අවුරුදු දෙක දුන්නා නම් ඉවරයිනේ... ආයේ මොකටද ඔතැන සීතල යුද්ධ ඇතිකරන්නේ...!!!
Sara කියන්කෙ හරි කතාවක් නෙ. Seniority සහ Achievements අනුව සුදුස්සාට සුදුසු තැන දිය යුතුය ඒ සඳහා දේසපාලුවන් පසුපස නොයා යුතුය නැත්නම් අර කියාපු වෙනස කෝ? තවමත් පරණ ක්‍රමයමද?
ඒක ඇත්ත ඔහු අපක්ෂපාතීව සේවය කරනවා ඔහුවම නැවත පත් කරන්න
වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වීරසූරිය මහතා ඊළඟ පොලිස්පති ධුරයට සුදුසුම අපේක්ෂකයා වේ. ඔහුට සුභ පැතුම්!!!