IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අපි දෙරට අත්වැල් බැඳ ඉදිරියටම යනවා

(අංජුල මහික වීරරත්න)

 ඉදිරියේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමීපතම මිතුරන් ලෙස පමණක් නොව, පොදු දැක්මකින් සහ පොදු අරමුණකින් එක්සත් වූ හවුල්කරුවන් ලෙස ප්‍රගමනය කරා ගමන් කරනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර 60 වසරක් වූ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියේදී කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා (Dr. Mohamed Muizzu) විසින් කුරුම්බා මෝල්ඩිව්ස් (Kurumba Maldives) නිවාඩු නිකේතනයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වීමෙන් අනතුරුව අදහස් දක්වමිනි. 

ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු සහ කලාපීය පාර්ශ්වකරුවකු ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ සබඳතා පැවැත් වූ සුන්දර මාලදිවයිනට පැමිණීමට ලැබීම පිළිබඳව මෙහිදී සතුට පළ කළ ජනාධිපතිවරයා දෙරට අතර වූ සමීප මිත්‍රත්වය සහ ඓතිහාසික සබැඳියාව සිහිපත් කළේය.

"ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරකු සහ පාර්ශ්වකරුවකු ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ අප සමඟ සබඳතා පැවැත් වූ රාජ්‍යයක් වන සුන්දර මාලදිවයින වෙත පැමිණීමට ලැබීම මම මහත් ගෞරවයක් ලෙස සලකනවා.

ප්‍රථමයෙන්, මට සහ මගේ දූත පිරිස වෙත ලබා දුන් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපතිතුමාට සහ මාලදිවයින් රජයට මම කෘතඥතාව පළ කිරීමට කැමතියි. මගේ මේ මාලදිවයින් සංචාරය අප දෙරට එක්සත් කරන දීර්ඝකාලීන මිත්‍ර සබඳතා, එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය සහ අපගේ පොදු අපේක්ෂා යළි තහවුරු කරන සංචාරයක්. ඉන්දියානු සාගරයේ අසල්වැසි රාජ්‍යයන් ලෙස අප දෙරටේ ඉදිරි ගමන් මඟ එකිනෙකා සමඟ බැඳී පවතිනවා. කාලයේ ඇවෑමෙන් අපගේ ජනතාව අතර වර්ධනය වී ඇති අන්‍යෝන්‍ය සුහදශීලි බව, අවබෝධය සහ ඥාතීත්වය අද්විතීය බැඳීමක් නිර්මාණය කර තිබෙනවා. අද මෙම සබඳතා රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ බහුවිධ ක්ෂේත්‍රවල සක්‍රීය සහයෝගීතා ඔස්සේ අඛණ්ඩව පෝෂණය වෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (0)

අපි දෙරට අත්වැල් බැඳ ඉදිරියටම යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site