IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මැයි 15 ජාතික වෙසක් දිනය ලෙස ඇමෙරිකාව නම් කරයි

2026 වසරේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික වෙසක් උළෙලක් පැවැත්වීමට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇති බව ටෙක්සාස් බෞද්ධ සංගමයේ ලේකම් සහ ගෝතම බුද්ධ විහාරයේ විහාරාධිපති ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති නාහිමියෝ ප්‍රකාශ කරති.

මේල්පිටියේ විමලකිත්ති නාහිමියෝ මේ බව සඳහන් කළේ කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (29) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ අනුව සෑම වසරකම මැයි මස 15 වැනි දින ජාතික වෙසක් දිනය ලෙසට නම් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුව කටයුතු කර ඇති බවද ඒ හිමියෝ පවසති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ දූත කණ්ඩායම මෙම මාධ්‍ය හමුවට එක්විය.

ශ්‍රී ලංකාව, වියට්නාමය, නේපාලය, මියන්මාරය ඇතුළු රටවල බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම දූත සේවය හේතුවෙන් අද වනවිට ටෙක්සාස් ප්‍රාන්තය තුළ සිදුව තිබෙන ආධ්‍යාත්මක දියුණුව සැලකිල්ලට ගෙන මැයි මස 15 දා ජාතික වෙසක් දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීමට ප්‍රාන්ත ආණ්ඩුව පියවර ගෙන තිබෙන අතර ලබන(2026) වසරේ පැවැත්වෙන ජාතික වෙසක් සැමරුම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති, අගමැතිනී, කතානායක, විදේශ ඇමැති, බෞද්ධ කටයුතු ඇමැති ඇතුළු පාර්ශව රැසකට ආරාධනා කරන බවද මේල්පිටියේ විමලකිත්ති නාහිමියෝ මෙහිදී පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති නාහිමියෝ මෙසේද පැවසූහ.

"ධර්ම දූත සේවාව හරහා විදේශිකයන්ට ධර්මය දේශනා කරනවා. ඒ තත්ත්වය තුළ අද වනවිට විශාල දියුණුවක් ලබා තිබෙනවා. ටෙක්සාස් ප්‍රාන්තය තුළ මැයි මාසයේ 15 දා ජාතික වෙසක් දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එය ප්‍රාන්ත ආණ්ඩුව මඟින් සිදුකර තිබෙනවා. එවැන්නක් ඇමෙරිකාවේ ක්‍රියාත්මක කිරීම ලෙහෙසි නැහැ. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ආගමික ප්‍රචාරක කටයුතු මෙන්ම විහාරස්ථාන පවත්වාගෙන යාම සිදුවෙනවා. ශ්‍රී ලාංකික බෞද්ධයන් වගේම නේපාල, තායිලන්ත, වියට්නාම බෞද්ධයන් ටෙක්සාස් ප්‍රාන්තයේ ඉන්නවා. 2026 වසරේ දී වෙසක් සැමරුම උත්කර්ෂවත් ලෙස පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. එය ශ්‍රී ලංකාවේ සිට ආරම්භ කරනවා. සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සැමරීමෙන් අනතුරුව ටෙක්සාස් ප්‍රාන්තයට යාමට බලාපොරොත්තු වෙනවා.

මෙම සැමරුමට සමගාමීව ධම්මචේතිය වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. ඒ තුළින් චෛත්‍යය 840 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් වෙන්කර තිබෙනවා. එම චෛත්‍ය ඇතුළු විහාරස්ථාන අධ්‍යාපන කේන්ද්‍රයක් බවට පත්කිරීමේ අපේක්ෂාවෙන් ත්‍රිපිටකය භාෂා 10 කින් පරිවර්තනය කොට චෛත්‍ය තුළ කෙටීමට අපේක්ෂා කරනවා. ඒ වගේම වෙසක් උත්සවයට සමඟාමීව ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් ද පවත්වනවා"

ටෙක්සාස් බෞද්ධ සංගමයේ සභාපති බූත් ඩොක් හිමි මෙසේ අදහස් දැක්වීය.

"බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉතා විශාල දායකත්වයක් ලබාදෙනවා. ඒ වගේම 2026 වසරේ දී ජාතික වෙසක් උත්සවය ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී උත්කර්ෂවත් ලෙස පවත්වන්න අපේක්ෂා කරනවා. ඒ සඳහා විශාල පිරිසක් සම්බන්ධ වීමට නියමිතයි. ඒ වගේම වෙසක් සැමරුමට සමගාමීව වැඩසටහන් රැසක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා"

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් මෙසේද පැවසීය. "ධර්මය ප්‍රචාරය කිරීම ඉතාම අපහසු කටයුත්තක්. පන්සලක් ඉදිකරගෙන ඉදිරියට ගමන් කරනවිට විවිධ ගැටළුවලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය තුළ ජාතික වෙසක් දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ප්‍රාන්තය තුළ බෞද්ධ දූත මෙහෙවර සිදුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස වෙසක් දිනය නම්කර තිබෙනවා. මේක ශ්‍රී ලාංකික අප හැමෝටම ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා. ඒ වගේම ටෙක්සාස් ප්‍රාන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කරන්න ද මෙය හොඳ අවස්ථාවක්" යැයි පැවසීය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (2)

මැයි 15 ජාතික වෙසක් දිනය ලෙස ඇමෙරිකාව නම් කරයි

පන්සිළු Tuesday, 29 July 2025 02:45 PM

බුද්ධිමතුන් සහ උගතුන් නොයෙක් දෑ පසුපස හඔා යනවා. ප්‍රඥාවන්තයින් දහම සොයා එනවා.

:       0       21

ගුණරත්න Tuesday, 29 July 2025 05:26 PM

කපටි දේශපාලකයන් ප්‍රසිද්ධිය පස්සේ යනවා. මෙතැනදී අපටත් පෙනෙනවා මිනිස්සු රවට්ටපු කෙනෙක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධියේ බණ දෙසනා හැටි...!

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site