
(ජේ.ඒ.පී කුමාර සහ දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම කටුපත්වැව ගම්මානයේ වැව වනජීවීයෙන් තහනම් කිරීමට විරෝධය දක්වමින් ගම්වාසීහු පිරිසක් පැවැත් වූ විරෝධතාව අසලට ආ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා කඩිනමින් විසැඳුමක් ලබා දෙන බව පැවැසීමත් සමග විරොධතා කරුවෝ විසිර ගියහ.
වැවට ගොස් දිය නෑමට,මල්කැඩීමට, ධිවර කටයුතු සදහාත් වනජීවි දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා නොදෙන බව විරෝධතා කරුවෝ පැවැසූහ.
නොචියාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වන අවස්ථාවේදී ඔවුහු මෙලෙස නිහඬ විරෝධතාවයක නිරත වූෙ
තම පාරම්පරික උරුමයක් වන මෙම වැවට ඇතුල්වීමට අවසර ලබා ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
මෙම විරෝධතාවය දැක්වූ ජනතාවගෙන් කිහිප දෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කැඳවාගත් ප්‍රාදේශීය ලේකම් මංජරි ශ්‍රී චන්ද්‍රදාස මහත්මිය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය සේන නානායක්කාර මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ජාවක නිරත වුහ.
එම සාකච්ඡාවේදී ජනතාවට වැවත් සමග බැඳුණ කාර්යයන් සුපුරුදු පරිදි කරගෙන යාමට අවසර ලබාදිමටත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විධිමත් විසඳුමක් ලබා ගැනීමටත් තීරණය කෙරිණි.
අනතුරුව මාර්ගයේ විරෝධතාව දක්වමින් සිටි ගම්වාසින් පිරිසට මේ බව දැනුම් දිමෙන් අනතුරුව උද්ඝෝෂණය සාමකාමීව නිමාවට පත් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැව් හදලා තියෙන්නේ වනජීවී එකේ නිලධාරීන්ට ආතල් ගන්න නොවෙයි, මනුෂ්‍යයින් ඇතුළු සියලු සතුන්ගේ ප්‍රයෝජන තකා කියලා නොදන්න වනජීවිය මොකටද...?
වන ජීවි නිලධාරියෝ හිතන්න ඇති බේරේවැව වගේ අනෙක් වැවු වලත් නෑම බෛයියන්ට පමණක් සිමා වුනු එකක් කියලා, ඒක නිසා ඒ ගොල්ල ටොයියන්ට වැවේ නැම් තහනම් කරන්න ඇති...
ඇවිල්ලා මොනවා කරන්නද
වාවයි, දාගැබයි , ගමයි පන්සලයි කියන සිංදුව වත් වනජීවී අංශයේ මහත්තුරු අහලා නැතිව වත්ද. වැව විනාශ නොකර, වැව ආරක්ෂා වන විදිහට, වැවෙන් නිසි ප්‍රයෝජනකිසිම ප්‍රශ්නයක වෙන්නේ නැහැ