IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති

(අංජුල මහික වීරරත්න)

මාලදිවයින් නියෝජ්‍ය කථානායකවරයා සහ රජයේ කැබිනට් අමාත්‍යවරු පස් දෙනෙක් අද (29) ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයට පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 

ඒ අනුව, මාලදිවයින් නියෝජ්‍ය කථානායක අහමද් නසීම් (Ahmed Nazim), එහි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා ඛලීල් (Dr. Abdulla Khaleel), ආර්ථික සංවර්ධන සහ වෙළෙඳ අමාත්‍ය මොහමද් සයීඩ් (Mohamed Saeed), ආරක්ෂක අමාත්‍ය මොහමද් ගසාන් මව්මූන් (Mohamed Ghassan Maumoon),  මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) සහ ස්වදේශ ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍ය අලි ඉහුසාන් (Ali Ihusaan) යන මහත්වරු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූහ. 

මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත වීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ ඔවුහු දෙරට අතර ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹීමේ 60 වන සංවත්සරය සනිටුහන් කරමින් සිදු කළ මෙම සංචාරය අනාගතයේදී වඩාත් ගැඹුරු සහයෝගීතාවක්, පුළුල් අවබෝධයක් මෙන්ම වඩා යහපත් මිත්‍රත්වයක් සඳහා පදනම වනු ඇති බවට විශ්වාසය පළ කළහ.

මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සහභාගි වූහ. 



අදහස් (0)

මාලදිවයින් රාජ්‍ය ප්‍රධානීහු ජනපති හමු වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site