ලංකාව - චෙක් ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපතිනි ආචාර්ය Eliska Zigova මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදු විය. 26 March 2025
යුද්ධයේ වගකීම මහින්ද බාර ගනියි හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය සම්බාධක පනවා ඇතත් ඔවුන්ට එරෙහි චෝදනා කිසිම ස්ථානයක ඔප්පු කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 March 2025
’’ගුවන් යානා අනතුරේ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිටවෙලා නෑ’’ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩා වැටීමේ ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව මෙතෙක් පිටවී නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 March 2025
දේශබන්දු නෙරපන දිනය කියයි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය. 26 March 2025
බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 March 2025
ගුවන් යානා නාශක උණ්ඩ සමග හමුදා සෙබළා මාට්ටු ගුවන් යානා නාශක උණ්ඩ සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්. අත්අඩංගුවට ගෙන ඇත. 26 March 2025
කොළඹ සමාජ ශාලා සිද්ධියට තවත් හතරක් අල්ලයි කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඉකුත් (21) දා ඇතිවූ ආරවුලකදී එහි සිටි ආරක්ෂක නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයන් සිවු දෙනෙක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශයන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 March 2025
කුවෙිට් සිරගත වූ මෙරට 20 ක් රැගෙන එති කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු , කුවේට් - ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ , මෙරටට භාර දීම සදහා අද(26 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළට එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණි . 26 March 2025
ලංකාව ආසියාවේ ලොකු හවුලකට ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)ට ලංකාවේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
ආදි කාලේ විදෙස් ණය පනත අවලංගු කරයි විදේශ ණය පනත සහ එහි පසුකාලීන සංශෝධන අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
ඉඩම් අත් කර ගැනීමේ පනත සංශෝධනයට ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
වැලිකඩ කසල ගොඩක අත් බෝම්බයක් වැලිකඩ ප්ලාසා ගොඩනැගිල්ලේ කසල බැහැර කරන ස්ථානයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගත් බව වැලිකඩ පොලිසිය කියයි. 26 March 2025
පොහොර විධිමත් කරන නියෝග පාර්ලිමේන්තුවට පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
ආචාර්ය ගයන්තගෙ බිරියත් දිවි ගමන නිමා කරයි මීරිගම මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය 18 මධ්‍යම රාත්‍රියේ සිදු වූ රිය අනතුරින් මියගිය කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරියද අද (26) අලුයම මරණයට පත්වී ඇතැයි කොළඹ ජාතික රෝහල කියයි . 26 March 2025
වැටුප් වැඩි කරන්න අනුමැතිය ලැබෙයි රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය 2025 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
අවුරුදු සහන මල්ලට කැබිනට් අනුමැතිය ’’කාලීන ආහාර පැකේජය’’ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
සපුගස්කන්දට ලිහිසි තෙල් ගන්න ප්‍රසම්පාදනය දෙයි සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි කෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
සමුපකාරය දියුණු කරන්න කැබිනට් අනුමැතිය සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ශක්තිමත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
දූෂණ විරෝධී සැලසුම සවිමත් කරයි දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැක්ම 2025 - 2029 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 March 2025
වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තබා බරපතල තුවාල සිදු කර ඇතැයි පොලීසිය කියයි. 26 March 2025
වැලිකන්ද හිටපු OIC ගේ සියලු දේපොළ තහනම් කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාලව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී, අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය. 26 March 2025
මැකෝගෙන් කාර්යාල ලොක්කන්ට පණිවුඩයක් මැතිවරණ සමයේදී ගන්නාවූ තීරණ දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු අමාත්‍යාංශ වලට සහ රාජ්‍ය ආයතන වලට දැනුම් දී ඇත. 26 March 2025
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 March 2025
පැහැරගෙන මුදල් කොල්ල කෑ පොලිසියේ දෙකක් සැකපිට කොළඹ කෙසෙල්වත්ත සහ ආදුරුප්පුවිදිය පොලිස් වසම්වලදී පුද්ගලයන් පැහැරගෙන ගොස් පහරදී මුදල් කොල්ලකෑම් සිද්ධි සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය කියයි. 26 March 2025
උණ්ඩයක් රැගෙන ජනපති කාර්යාලයට ආ සෙබළා මාට්ටු තම බෑගයේ උණ්ඩයක් සඟවාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීමට තැත් කළ යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති ආරක්ෂක අංශය නිලධාරීහු පවසති. 26 March 2025
විදුලි ඇමැතිගෙ ගමෙත් දින හතරක් ලයිට් නෑ සිව් දිනකට ඉහතදී හමා ගිය සුළඟක් සමග ඉංගිරිය ඇතුළු ප්‍රදේශ රැසක කිලෝ මිටර් 4 ක පමණ දුර ප්‍රමාණයක විදුලිය ඇණ හිටීමත් සමඟම නැවත යථා තත්වයට පත් කිරිමට විදුලි බලමණ්ඩලය අපොහොසත් වී ඇතැයි මහා ඉංගිරිය අවට ප්‍රදේශවල ජනතාව චෝදනා කරති. 25 March 2025
ගම්මන්පිල බ්‍රිතාන්‍යයෙන් ප්‍රශ්නයක් අහයි රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 25 March 2025
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 25 March 2025
ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතුයි ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 March 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026