IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාන්තා මන්ත්‍රී සංසදයට පාට පක්ෂ බේද නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව  අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 

දසවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසිදෙනෙක් සිය පක්ෂයෙන් තේරී පත්වීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද කාන්තාවන් බල ගැන්වීමේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය එය පක්ෂ භේදයකින් තොරව ඉදිරියට ගෙනයාම මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අරමුණ බව ප්‍රකාශ කලාය. 

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ  කාන්තා නියෝජනය වැඩි කිරීම සහ ලාංකීය දේශපාලනයේ කාන්තාවන්ට සමාන අවස්ථාවන් සහ සම සහභාගීත්වයක් ලබාදීම සඳහා පොදු අදහස් ලබා ගැනීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති කාන්තා සහ ළමා කටයුතු  අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

අන්තර්ජාලය සහ සයිබර් අවකාශය තුළ කාන්තාව දේශපාලනයේ නියැලීම අවමානයට පත්කිරීම, ලැජ්ජාවට ලක් කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම යන කරුණු හේතුවෙන් කාන්තාව දේශපාලනයේදී ක්‍රියාකාරීව නියැලීම අභියෝගයක් බවට පත්ව ඇති බව සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී අවධාරණය කළාය. 

එනිසා කාන්තාවන්ට ක්‍රියාකාරීව දේශපාලනයේ නියැලීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සහ යෝග්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සියළු පක්ෂවල වගකීම බවද ඇය සඳහන් කළාය.



අදහස් (0)

කාන්තා මන්ත්‍රී සංසදයට පාට පක්ෂ බේද නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site