IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජ්‍ය සේවා වැටුප් විෂමතා ගැන බලන්න අනුකාරක සභාවක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා හා ඊට සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක්  පත් කෙරිණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්.එච් අබයරත්න මහතාගේ සභාපතීත්වයෙන් සහ  නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ බව තීරණය විය. 

දැනට බලාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 සහ 3/2016 මගින් රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධ කාරණා තීරණය වන බවත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවලට අදාළ රාජකාරී නිශ්චිත නොවීමත් විවිධ විෂමතා හා නොගැළපීම් හමුවේ අතෘප්තිකර තත්ත්වයන් හේතුවෙන් මේ සම්බන්ධ විවිධ සංවාද සහ කථිකාවන් පසුගිය කාලයේ ඇතිවූ බවත් මෙහිදී අදහස් දැක්වූ අනුකාරක සභාවේ සභාපතිවරයා පැවසීය. 

ඒ අනුව රාජ්‍ය සේවයේ වෘත්තීය බව ඉහළ නැංවීම සඳහා දැනට පවතින තනතුරු සහ ඊට අදාළ කාර්යයන්, වැටුප් තල යනාදිය පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනයකින් අනතුරුව සමස්ත රාජ්‍ය සේවයේ නව වැටුප් ව්‍යුහයක් හදුන්වා දීමට අවශ්‍ය යෝජනා මෙම අනු කාරක සභාව මගින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය. 



අදහස් (1)

රාජ්‍ය සේවා වැටුප් විෂමතා ගැන බලන්න අනුකාරක සභාවක්

Weerasekara Friday, 01 August 2025 04:34 AM

2006 අවුරුද්දේ ඇතිකළ වැටුප් විෂමතාවය ඉතාමත් බරපතලයි... සමහර ශ්‍රේණියක අධිශ්‍රේණියේ අයට වඩා පහළම අයට (එකල දේශපාලුවෝ උන්දැලා පත්වුණාම රැකියාදීම කළ අයට සැලකීම සඳහා කළ දෙයක් කියන්න පුළුවන්) වැඩි වැටුප් දුන්නා යහපාලන අවසානේ විශ්‍රාමිකගේ වැටුප් සංශෝධන කරද්දී දේශපාලුවන්ට කඩේ ගිය අයට වැටුප් වැඩිවෙන්න හැදුවා දැන් ඉතින් එහෙම හදපුවාට අනුපාතිකව හදනවා. කොහොමින් කොහොම හරි වැටුප් පරිමාණ හදන පිරිස් කරන්නේ තමන්ගේ වාසියට සමග දේශපාලුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීම පමණයිද කියලා හිතෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site