
(රෝෂන් තුෂාර)
රූමත් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අසභ්‍ය කතාන්දර (වල් කතා) ප්‍රචාරය කිරීමේ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරද පිළිගත් කඩුවෙල පුද්ගලයකුට මාස හයක සිරදඬුවමක් වසර පහකට අත්හිටවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (31) නියම කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගොනු කළ නඩුවක විත්තිකරුවකු වූ දිමුතු චාමර (ටොපියා) නමැති පුද්ගලයකුට මෙම වසර පහකට අත්හිට වූ මාස හයක සිර දඬුවම නියම කළාය .
කොළඹ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කොට තිබිණි.
තමාගේ ඡායාරූපයක් අසභ්‍ය කතා විකාශය කරන යූටියුබ් නාලිකාවක ප්‍රදර්ශනය වන බවට ගුරුවරිය කරන ලද පැමිණිල්ලට අනුව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකොටට තිබිණි.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරද පිළිගත් ‘‘ටොපියාට‘‘ අත්හිටවූ සිරදඬුවමක්
අරවින්ද මොණරවිල Thursday, 31 July 2025 09:03 PM
ඔය වගේ ලෙඩ්ඩු තව දෙතුන් දෙනෙක් ඉන්නවා යු ටියුබ් එකේ, ඔයාලටත් ඔය ටොපියම දුන්නා නම් හරි....
ටොපියා Friday, 01 August 2025 03:17 AM
අනේ අරවින්ද මහත්තයෝ , ඔබතුමා ඔය කතාකරන්නේ කටින්ද නැත්නම්..? දැනට මාස 3 කට විතර ඉහතදී ඔබතුමා නොවෙයිද මගෙන් ලිංගික අප්‍රානිකත්වයට අත් බෙහෙත් ඉල්ලුවේ ? මගේ ළඟ ඒ ඊ මේල් ඔක්කොම පරිස්සමෙන් ආරක්ෂා කරලා අරන් තියෙනවා. ඔබතුමා විතරක් නොවෙයි සමහර හාමුදුරුවරුන් පවා මගෙන් ලිංගික උපදේශන ඉල්ලලා තියෙනවා. ඔබතුමාත් දැන් ටොපිය කන්නකෝ.
de silva Friday, 01 August 2025 02:36 PM
ඔය youtube එකේ කිසිම හිරිකිතයක් නැතිව පට්ට කුණුහරුප කියන පුද්ගලයින්ටත් විරුද්ධව යමක් කරන්න ඕනේ...!