
(සුරංග රාජනායක)
පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටි හතර වසර සිසුන් දස දෙනකු පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව ඔවුන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගම්පොළ පොලිසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ සිසුන් පිරිසකි.
කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු හා පිරිමි ළමුන් අට දෙනකු මෙම කණ්ඩායමට අයත්ව ඇති අතර සමහර අයට වමනය ගිය බවද ප්‍රකාශ වේ.
පාසල් වෙලාවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර සවස් කාලයේදී පාසල තුළම මෙම අතිරේක පන්තිය පවත්වන බව සඳහන්ය.
එහිදී පාසල අසල නගරය තුළ ඇති වෙළඳසලකින් මෙම බිම වර්ග ලබාගෙන සිසුන්ට දී ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැනි බීම බී සිසුන් දහයක් ලෙඩ වෙලා
Chinthaka Friday, 01 August 2025 04:24 AM
දිද්දෙණිය ප්‍රදේශයේ විසූ ජනප්‍රිය විද්‍යා ගුරුවරයෙකු පාසල් කාලෙන් පසුව පංති පවත්වන්නෙ කිසිදාක වතුර පානය නොකර බනිසක් කාලා පැනි බීම බීලාම තමයි මේ මනුෂ්‍යයා ඒකෙන්ම මළා... දැන් කාලයේ ළමයිනුත් කරන්නේ ඒකම තමයි. මෙම පැනි බීම නැවැත්තුවේ නැත්නම් මහා විනාශයකින් කෙලවර වේවි. පසුගියදා මම ගමනක් යද්දී පංති යන දැරියක් බසයේදි කුඩාබිම බෝතලයක් බෑගයෙන් අරගෙන වතුර වෙනුවට බිව්වෙ පැනි බීමක් .එනිසා ලංකාවෙ සෞඛ්‍ය තත්වය නගාසිටුවීමට ආණ්ඩුවට අවශ්‍යාවක් තියෙනවා නම් නොපමාව මේ ව්‍යසනයට පියවරක් ගන්න ඕනෑ..