IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’මේ අවුරුද්ද ලංකාවට ජය වෙයි- හෝටල් හදන්න එන්න’’

(අංජුල මහික වීරරත්න)

මේ වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ තිහක් පැමිණේ යැයි අපේක්ෂා කෙරෙන බැවින් නව හෝටල් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට මාලදිවයින් ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් පවතින බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ දී පැවසීය.

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කරන ලද, ව්‍යාපාරික සංසදයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

මාලදිවයිනේ JEN Maldives Malé හෝටලයේ පැවති මෙම ව්‍යාපාරික සංසදයෙහි අරමුණ වූයේ, ශ්‍රී ලංකාව ආයෝජන, වෙළෙඳ සහ සංචාරක කර්මාන්තයන්හි ආයෝජන සඳහා ඉහළ විභවතාවක් සහිත රටක් බව පෙන්වා දෙමින් මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාවට මෙරට ආයෝජනය සඳහා ආරාධනා කිරීමය.

මෙහිදී මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීම සඳහා පවතින අවස්ථා සහ හැකියාව පිළිබඳ අවධාරණය කළේය. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාත්‍යන්තර සහයෝගය තුළින් ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගෙන ඇති බව ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, වත්මන් ශ්‍රී ලංකාවෙහි ආයෝජනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන්නේය.

 



අදහස් (1)

’’මේ අවුරුද්ද ලංකාවට ජය වෙයි- හෝටල් හදන්න එන්න’’

sene Friday, 01 August 2025 08:19 AM

හදන එක කෙසේවෙතත් කඩන්නනම් පොරේ හා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site