IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෙවනගල සීනි සමාගම ගොවීන්ට කෝටි 20 ක් ණයයි

(යොහාන් භාසුර)

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක්ගස් සැපයූ ගොවීන්ට සහ ප්‍රවාහනය කළ ට්‍රැක්ටර්හිමියන්ට රුපියල් මිලියන 205 ක් හෙවත් රුපියල් කෝටි 20 කට අධික මුදලක් ගෙවීමට ඇති බවත් ඉදිරි සති දෙක තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්වයට විසඳාගැනීමට බලාපොරොත්තු වන බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දීපිකා ගුණරත්න මහත්මිය අද (30) පැවසුවාය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා උක්ගස් මෙටි්‍රක්ටොන් 45,519 ක් හෙවත් උක්ගස් මෙටි්‍රක්ටොන් 46,000 කට ආසන්න ප්‍රමාණයක් ගොවීන් 531 කින් ලබාගෙන ඇති බවත් ඔවුන්ට මේ වන විට මිලියන 243.9 ක මුදලක් ගෙවා ඇති බවත් ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරිය කීවාය.

අතීතයේ සිටම උක්ගස් රැගෙන ආ පසු ගොවීන්ට අත්තිකාරම් මුදලක් ගෙවා මාසයකින් පමණ පසු සම්පූර්ණ මුදල ගෙවන බවත් සමාගම පැත්තෙන් ද පොඩි පොඩි අතපසුවීම් ද ඇති බවත් ඇය සඳහන් කළා.

උක්ගස් කර්මාන්ත ශාලාවට ප්‍රවාහනය කරන පිරිස එකතුව එනම් ට්‍රැක්ටර් හිමියන්ගේ සංගමය ඔවුන්ගේ යම් යම් ගැටලු පිළිබඳව කථා කරන බව කී ගුණරත්න මහත්මිය ට්‍රැක්ටර් හිමියන්ගේ රුපියල් මිලියන 73.2 ක් හෙවත් ලක්‍ෂ 732 ක පමණ මුදලක් ගෙවීමට ඇති බව ද සඳහන් කළාය.

එම ගොවීන් සහ ට්‍රැක්ටර් හිමියන්ගේ සංගමයේ නියෝජතයන් සමඟ සාකච්ඡා කළ බවත් එම මුදල් නොලැබීමෙන් ඔවුන් ද අපහසුතාවට පත්ව සිටින බවත් ඇය පැවසුවාය.

 



අදහස් (1)

සෙවනගල සීනි සමාගම ගොවීන්ට කෝටි 20 ක් ණයයි

කව්ද බෝයි Thursday, 31 July 2025 09:09 AM

වැඩකරන මිනිස්සුන්ට වැටුප් නොගෙව්වත්, ගොවීන්ට සහ ට්‍රැක්ටර් හිමියන්ට මුදල් නොගෙව්වත්, ප්‍රධාන විධායක නිලධාරිණිය හැටියට මෙතුමියගේ සියළු වැටුප් සහ දීමනා කලට වෙලාවට ගෙවිලා ඇති නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site