(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය දැව සංස්ථාවේ සේවකයන් සේවක අර්ථ සාධක අරමුදලට ගෙවිය යුතු දායක මුදලක් එම සංස්ථාව ගෙවීම හේතුවෙන් රුපියල් විසිහතර කෝටි අසූලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇති බව රජයේ විගණකාධිපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) දැනුම් දුන්නේය.
මේ අතර රාජ්‍ය දැව සංස්ථාව සේවක අර්ථ සාධක අරමුදල් පනත සහ සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනත්වල ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් 2006 වසරේ සිට 2022 දක්වා එම ආරමුදල් වලට අධිභාර වශයෙන් රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද එම කමිටුවේදී තොරතුරු හෙළි වී ඇත.
රාජ්‍ය දැව සංස්ථාවේ 2022 සහ 2023 වර්ෂ වලට අදාල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව සංස්ථාව කෝටි 25ක් පිනට දීලා
Dayan Thursday, 31 July 2025 10:32 AM
මේ විගණනයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? 2006 සිට 2022 දක්වා ඔවුන් අන්ධ කර තිබුණා. අවම වශයෙන් 2010 දී එය වාර්තා කළේ නම් සාධාරණ මුදලක් මෙම පාඩුවෙන් ඉතිරි කර ගත හැකිව තිබුණි.
රනේThursday, 31 July 2025 02:03 PM
වාර්ථා නම් කලා ඇතිවෙන්න. තිබුණු ආණ්ඩු අන්තිමට ඇසිඩ් ගැහුවා මතක නැද්ද?
ගුණරත්න Thursday, 31 July 2025 06:31 PM
ඕක මොකක්ද. ආණ්ඩුව මාස්පතා කෝටි 3000ක් පිනට දෙන්නේ අස්වැසුම කියලා...!