IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීති කඩා ගෙන්වූ වාහන හරවා යවයි

 (සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පනතේ කොන්දේසි සපුරා නැතිව නීතියට පිටින්   ගෙනවිත් අැති  වාහන ප්‍රති අපනයනය කිරීමට තීරණය කර ඇතැයි  භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  ප්‍රකාශ කළේය.

ආනයනය කරන ලද වාහන 1500ක් රේගු භාරයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්  එම  කාරක සභාව විසින්  රේගු ප්‍රධානීන්ගෙන් දීර්ඝව  ප්‍රශ්න කෙරිණ.

මෙහිදී රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා  එන්ජින් ධාරිතාව  ගැන සොයාබැලීමට ජාත්‍යාන්තරව පිළිගත හැකි තාක්ෂණික ක්‍රමවේදයක්  ඇත්දැයි රේගු නිලධාරින්ගෙන්  ප්‍රශ්න කළේය.

මේ චෝදනාව එන්නේ ලොකුම සමාගමට විරුද්ධව බවත්  මේවා  චීනයේ හදන වාහන බවත්  ඔහු සඳහන් කළේය.

ඉට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ එය ගැටලුවක් වේ යැයි  නොසිතන බවයි.

එම වාහනවල මෝටර් ධාරිතාව ගැන මොරටුව සරසවිය හරහා ඇගයීමක්  කරන බවද    ඔහු සඳහන් කළේය. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා  වැඩිදුරටත් පැවසුවේ උසාවියට ගිය ප්‍රශ්නයක් හෙයින් මේ ගැන තවදුරටත් කතා කළ නොහැකි බවයි

සභාපති හර්ෂද සිල්වා මහතා මෙම පරීක්ෂණය පිළිගත් ජාත්‍යන්තර ආයතනයක්  හරහා කරන්නැයි  දැනුම් දුන්නේය. රේගු ප්‍රධානීහු  එසේ කටයුතු කරන බවට කමිටුව හමුවේ සහතික වූහ.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. රේගුවේ රඳවාගෙන ඇති වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණේ එම රැස්වීමේදීය.


 

 



අදහස් (2)

නීති කඩා ගෙන්වූ වාහන හරවා යවයි

de silva Thursday, 31 July 2025 07:33 AM

මෙරටට වසරේ දින 365 ම හොදින් හිරු එලිය ලැබෙනවා , හොඳ සුළගක් ලැබෙනවා , වර්ශපතනයේත් , එච්චර ප්‍රශ්නයක් නැහැ , අප බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ තනි තට්ටුවේ හෝ තට්ටු දෙකේ නිවාසවල , එම නිසා අපට සුර්ය පැනල සවිකර ගෙන ප්‍රයෝජනයට ගතහැකි නමුත් දැනට ප්‍රයෝජනයට නොගන්න විශාල පෘෂ්ටයක් තිබෙනවා වහල් මත . එමනිසා අප පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමට යොමු වෙන්න ඕනේ , සුර්යබලයෙන් ක්‍රියාකරන වාහන වලට ගහන මේ අසාධාරණ තීරු බද්ද අවම වශයෙන් 50% වත් අඩු වෙන්න ඕනේ , එහෙම කලොත් දිනපතා කනිජතෙල් වලට පිටරටට ආදී යන විශාල විදේශවිනිමය ප්‍රමානයක් රටේ ඉතුරුවන අතර , පරිසරයටද හිතකාරී වේ

:       0       7

ගුණරත්නThursday, 31 July 2025 01:12 PM

විදුලියෙන් ක්‍රියාත්මක වෙනවා කිව්වට ඔය වාහන 90%කම චාජ් කරන්න ප්‍රධාන විදුලිය පද්ධතියෙන් විදුලිය ගන්නවා. ඉතින් තෙල් පුච්චලා හදන විදුලිය තමයි ඔය. බදු සහනයක් දෙන්න නම් දැනටත් සූර්ය පැනල හයිකරගෙන ප්‍රමාණවත් තරම් විදුලියක් නිපදවනවා කියල තහවුරු කරගෙන බදු සහනයක් දුන්නාට කමක් නැහැ, එහෙම නැත්නම් වෙන්නේ ඔය හිල් පාවිච්චි කරලා ධනපති පැලැන්තිය සුපිරි වාහන ගෙන්වන එක. ඔවුන්ට විදුලිබිල වැඩි වුනාට ගණනක් නැහැ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site