IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආසියානූ ජායාරූප කළා සංගමයේ අන්තර්ජාතික සමුළුවට චීන මාධ්‍යවෙිදීයෝ එති

(ටී.කේ.ජී.කපිල )

ආසියානූ ජායාරූප කළා සංගමයේ 28 වන අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සදහා පළමු කණ්ඩායම ලෙස චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් 15 දෙනෙකු ඊයේ(31 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම සමුළුව ආසියානූ රටවල් 07 ක සහ ඇමෙරිකාවේ සංචාරක ජායාරූප ශිල්පීන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එළඹෙන හෙට(02)  දින සිට 07 දින දක්වා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටයේ දී පැවැත්වීමට නියමිතය .
මෙම සමුළුවට සමගාමීව ජායාරූප ප්‍රදර්ශනයක් ද මෙම හෝටයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ .

මෙම සමුළුවට සහභාගී වීමෙන් පසුව මෙම ජායාරූප ශිල්පීන් මහනුවර දළදා පෙරහැර , දඹුල්ල , සීගිරිය , ගාල්ල සහ මීගමුව ප්‍රදේශ වල සංචාරය කරමින් ජායාරූපකරණයෙහි නිරත වීමට නියමිතය.

මෙසේ පැමිණි සංචාරක ජායාරූප ශිල්පීන් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගැනීම සහ මෙම සමුළුවට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලාංකාවේ ජාතික ජායාරූප ශිල්පීන්ගේ සංගමය විසින් සම්පාදනය කර තිබේ .


 

 



අදහස් (0)

ආසියානූ ජායාරූප කළා සංගමයේ අන්තර්ජාතික සමුළුවට චීන මාධ්‍යවෙිදීයෝ එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site