(අංජුල මහික වීරරත්න)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරී වේලාව සංශෝධනයට විශේෂ කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉතා කෙටි කලකින් එම කමිටුව මඟින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙහි දී වෘත්තීය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තීය ගැටළු අතර, ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරී වේලාව සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සියලු ශ්‍රේණි සඳහා වෙන වෙනම රාජකාරී ලැයිස්තු සකස් කිරීම, මහජන සෞඛ්‍ය උපාධි පාඨමාලාවන් කඩිනම් කිරීම, ආහාර සාම්පල පරීක්ෂණ රසායනාගාර පළාත් මට්ටමින් ස්ථාපිත කිරීම, ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක වලින් සිදුවන සේවාව ශක්තිමත් කිරීම සඳහා දායකත්වය ලබා දීම වැනි කරුණු පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කරමින් මෙහි දී සාකච්ජා කෙරිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සෞඛ්‍ය පරීක්ෂක රාජකාරී වෙලාව සංශෝධනයට කමිටුවක්