
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "අන්‍යෝන්‍ය බදු" ක්‍රමය යටතේ පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පැනවූ සියයට 30 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ඇත.
නව තීරු බද්ද එළැඹෙන 7 වැනිදා සිට බලාත්මකවීමට නියමිතය. තීරු බද්ද අඩු කිරීම සඳහා වන විධායක නියෝගයට ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(31) අත්සන් තැබූ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය.
"අන්‍යෝන්‍ය බදු" ක්‍රමය ප්‍රකාශයට පත්කළ මුල් අවස්ථාවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා සියයට 44 ක තීරු බද්දක් පැනවීමට යෝජනා වූ අතර එම අවස්ථාවේ හොඳ හිතින් සාකච්ඡා මේසයට පැමිණීම හේතුවෙන් එය පසුගිය 12 වැනිදා සියයට 30 දක්වා අඩු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝගා, රිංගපං මචං ඇද පල්ලටවත්...!
මේක අඩු කරගන්න අපි ඇමෙරිකාවට පොරොන්දු වුණු දොලපිදේනි කන්දරාව රටේ මිනිස්සු දන්නවා නම්...?
විපක්ෂයේ කෑගහපු අයට දැන් මොනවා හිතෙනවා ඇත්ද...?
මේ ජයග්‍රහණය සමහරු හෑල්ලු කරාවි... හැබැයි මේක දිනාගත්තේ අපි ඇමරිකාවට මොකුත්ම නොදී, මොකද එහෙම දෙන්න දෙයක් නැති නිසා, අපි ඇමරිකාවෙන් බඩු ගෙන්වන්නේම නැති තරම්, සමහර රටවල් බදු අඩුකර ගත්තේ ඇමරිකන් බඩුවල තීරු බදු අඩු කරලා නැත්නම් විශාල මිලදී ගැනීම් වලට පොරොන්දු දීලා, ටෙලිෆෝන් කෝල්වලින් කරගන්න පුළුවන් කියපු අයට හිනාවෙනවා හැර වෙන මොනවා කියන්නද?
මේක අල්ලාගෙන රජයට ගහන්න හිටපු අයට අඬන්න තමයි වෙන්නේ...
එක්කෙනෙක් කිව්වා ට්‍රම්ප්ට ටෙලිෆෝන් කෝල් එකක් දීලා බලන්න කියලා අනිකා කිව්වා බදු අඩු කරන්නේ නැත්නම් ණය ගෙවන්න බැහැ කියලා කියන්න කියලා...! අද ඇමරිකානු ආණ්ඩුව කළ ප්‍රකාශයෙන් අනාවරණය වෙන්නේ මේ අති පණ්ඩිතයින් රට පාලනය කෙරුවා නම් අපිට අබ සරණයි කියන එකයි...
ඇෆ්ඝනිස්තානේ බද්ද 15% උන්නේ හොඳටම කරලා තියෙන්නේ. මෝඩ ජෙබයියෝ චූන් වෙලා ඉන්නවා. ඔවුන්ගේ මහා එකාලා ඉංග්‍රීසියෙන් දෙසලා බදු අඩු කරගෙනයි කියලා හිතලා...
ඇයි රතු කොල අත් එකතුව වැරැදි විදියට?
මේ පෝස්ට් එකට බයියෝ පෝම් වුණාට අනිත් ආසියානු දුප්පත් රටවලට අපිට වැඩිය අඩුයි...