IMG-LOGO

ඇමරිකා බද්ද අඩු කර ගැනීම ගැන එජාපයෙන් පැසසුම්

(අංජුල මහික වීරරත්න)

ඇමරිකාව පනවන ලද තීරු බදු පිළිබඳ සාකච්ඡා  සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට සහ සාකච්ඡා කණ්ඩායමට  ප්‍රශංසා කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නව නියෝගය අනුව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම එක්සත් ජාතික පක්ෂය පිළිගනී.

නව නියෝගයේ මෙසේ සඳහන්ය.

“සමහර වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක බැඳීම්වලට එකඟ වී ඇත, නැතහොත් එකඟ වීමට ආසන්නය”.

2(ආ) වගන්තියේ මෙසේ දැක්වේ. 

“මේ නියෝගයේ 1 වැනි ඇමුණුමෙහි හඳුනා ගෙන ඇති ඇතැම් විදේශීය වෙළඳ හවුල්කරුවන් එක්සත් ජනපදය සමඟ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට එකඟ වී ඇත, නැතහොත් අවසන් කිරීමට ආසන්නය. 

ඒ ගිවිසුම් අවසන් වන තෙක් වෙළඳ හවුල්කරුවන්ගේ භාණ්ඩ මේ නියෝගයේ 1 වැනි ඇමුණුමේ සඳහන්ව ඇති අතිරේක ස්වේච්ඡා බදුවලට යටත්ව පවතිනු ඇති අතර, එම ගිවිසුම්වල නියමයන් සිහිපත් කරමින් මම පසුව නියෝග නිකුත් කරමි”.

මේ පසුබිම යටතේ අර්ථවත් වෙළඳ සහ ආරක්ෂක ගිවිසුම්වලට ළඟා වීම පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටී.

 



අදහස් (4)

ඇමරිකා බද්ද අඩු කර ගැනීම ගැන එජාපයෙන් පැසසුම්

ගුණරත්න Friday, 01 August 2025 03:51 PM

පාණ්ඩුවේ කයිතානෝලා දැන් කියයි අලින්නේ අපේ වැඩ කියලා. කීප පොලකම දැක්ක චූන් වෙච්චි ජෙබයියෝ ටික. ඒත් ට්‍රම්ප් ජනාධිපතිතුමා මුළු ලෝකේ සෑම රටකටම අදාලව බදු වෙනස් කර (අඩු කර) තිබෙනවා. ඒක පාණ්ඩුවේ විස්කමක් නොවෙයි...

:       21       3

Hafeel Friday, 01 August 2025 04:14 PM

රනිල්ට පමණයි, ජාත්‍යන්තර පිළිගැනීම තියන බව කියන කතා... දැන් වලංගු නැති බව මේකෙන් ඔප්පු වෙනවා.

:       0       7

Neel Friday, 01 August 2025 04:39 PM

ඇති යාන්තම් හොඳක් දැක්කා. කුහකකම නැතිව. මොකද සජී පුතා තවම මොකුත් කිවේ නැත්තේ...

:       1       9

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 01 August 2025 05:21 PM

පළපුරුදු කයිතානෝලාට කඩේ යන හරක්ටිකට දැන් රෙද්දේ රෙවිලා...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site