කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක් කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත් එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කරඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය. 16 March 2025
‘ඊෂි කෑෂ්‘ක්‍රමයට හෙරොයින් විකිණු පෙම් යුවළ මාට්ටු පානදුර පින්වත්ත සහ අවට ප්‍රදේශවල ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ පෙම් යුවළක් රුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් මත්කුඩු සහ යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක් සමඟ අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි. 16 March 2025
මුහුණු පොතේ සාදයකදී 29 ක් අත්අඩංගුවට මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි 16 March 2025
මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන් මහත්මිය ඊයේ (15) නියෝග කළාය. 16 March 2025
නිධන් හෑරු 9ක් අල්ලයි සූරියවැව මහවැලි කඩආර ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි නව දෙනෙකු ඊයේ (15) සවස අත් අඩංගුවට ගත් බව සූරියවැව පොලිසිය පැවසීය . 16 March 2025
අවුරුදු කටේ දින තුනක් පාර්ලිමේන්තුව රැස් වෙයි පාර්ලිමේන්තුව අප්‍රේල් 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට තීරණය වී තිබේ. 16 March 2025
ඇල්ල-වැල්ලවාය පාර එක් මං තීරුවක් විවෘත කරයි ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ 20 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාම නිසා ඇතිවූ අවදානම් තත්ත්වය ඉතා අවම මට්ටමකට මේ වන විට පැමිණ ඇති බැවින් එක් මං තීරුවක් අද( 16 ) පැය විසි හතර පුරා විවෘත කර තැබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය. 16 March 2025
අයවැය අස්සේ තවත් විවාදයක් දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 ප.ව 6.00 සිට 8.00 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. 16 March 2025
ගුවනේදී මනමාලකම් කළ මගියා අත්අඩංගුවට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද(16) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය කියයි. 16 March 2025
බටලන්ද විවාදයට දින නියම කරයි බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදය අප්‍රේල් 10 වැනිදා ඇරැඹීමටට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 16 March 2025
මංකොල්ලකරු ගල් පහරින් මරුට පසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයකුට අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස් අතැයි කොහුවල පොලිසිය කියයි. 16 March 2025
තැනින් තැනට අද තද වැසි උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 March 2025
ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි 15 March 2025
කුඩු අල්ලන්න ගිය පී.සීට වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පිහි පහර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි. 15 March 2025
අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත. 15 March 2025
ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය. 15 March 2025
මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ. 15 March 2025
සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 15 March 2025
බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න.. බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇත. 15 March 2025
මෝදි අප්‍රේල් මුල ලංකාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 15 March 2025
මැතිසබේ හිස්: මන්ත්‍රීවරුන් රිලව් ගනින්න ගිහින් රිලවන් වඳුරන් ගණින්න ගොස් ඇති හෙයින් අද මේ ස්ථානයේ මන්ත්‍රීවරුන් අඩු බව සමග ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 15 March 2025
උඩරට දුම්රියක් අදත් පීලි පනී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මීට සුලු මොහොතකට පෙර නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 15 March 2025
මැතිසබේ තවත් පුටුවක් හිස්: කතානායක දැනුම් දෙයි තවත් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය 15 March 2025
1500ක අල්ලසක් ගත් පී.සී මාට්ටු පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 March 2025
පළාත් රැසකට අද සවස තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 March 2025
අ‘පුරේ වන විනාශයක් අනුරාධපුර, ගල්පොත්තේගම යෝජිත රක්ෂිතයේ අක්කර 3කට ආසන්න ප්‍රමාණයක, මහා වන විනාශයක් සිදු කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍රයක් හා එය ප්‍රවාහනය කළ තට්ටු ලොරියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන කාර්යාලය පවසයි. 15 March 2025
රජයේ ඉඩම් ගිල්ල දේශපාලන ලැයිස්තුව මැතිසබේට දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් සහ නිලධාරීන් රැසක් විවිධ වගා ව්‍යාපෘති මුවාවෙන් පසුගිය කාලයේදී රුපියල් කෝටි ගණනින් මුදල් සහ රජයේ ඉඩම් ලබාගෙන කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකර පෞද්ගලිකව පරිහරණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය. 14 March 2025
වන සත්ව සංගණනය හෙට බෝගවලට හානිකරන සතුන් පිළිබඳ ‘වන සත්ව සංගණනය 2025’ හෙට (15) පෙරවරු 8.00 සිට විනාඩි 5 ක කාලයක් එනම් 8.05 දක්වා ක්‍රියාත්මක කරන බවත් එම සංගණනය සාර්ථක කරගැනීමට ජනතාවගේ සහය අනිවාර්යෙන් ලැබිය යුතු බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන) ජී. වී. ශාමලී මහත්මිය අද (14) පැවසුවාය. 14 March 2025
ඉරාන තෙල් බෙදූ මෙරට සමාගමකට සම්බාධක ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මෝසෙන් පක්නෙජාද්ගේ නීතිවිරෝධී ඉන්ධන වෙළඳාම ලෝකයෙන් වසන් කිරීමට සහාය ලබාදෙමින් ඉරාන තෙල් චීනය වෙත ප්‍රවාහනය කිරීමට සහාය ලබාදුන් ’’ෂැනන් 2’’ නෞකාවේ තාක්ෂණික කළමණාකරු ලෙස කටයුතු කළ මැරීන් සොලූෂන් නම් ශ්‍රී ලංකා සමාගමට එරෙහිව ඇමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇතැයි මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. 14 March 2025
අ‘පුර රෝහලට අලුත් අධ්යක්ෂවරයෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්යක්ෂවරයා ඉවත් කර, පොළොන්නරුව රෝහල් අධ්යක්ෂවරයා එම තනතුරේ, ආවරණ රාජකාරී සඳහා පත්කර තිබේ. 14 March 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026