
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මෙරටට භාවිතා කිරීම තහනම් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී කෘමිනාශක තොගයක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය සම්මට්ටිවාඩිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ සගවා අත්අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මාර්ගයෙන් ධිවර යාත්‍රා උපයෝගි කර ගනිමින් මෙරටට රැගෙන විත් තිබු විවිධ වර්ගයෙ තහනම් කෘමිනාශක පැකට් 38000 ක් හා කෘමිනාශක බෝතල් 3500 කට අධීක ප්‍රමාණයක් බව වැටලීමට එක්වු කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයෙ නිළධාරීන් පවසයි.
ලැබුණ තොරතුරකට අනුව ආවේක්ෂණ නිළධාරීන් යොදවා කරන ලද සෝදිසියකින් පසු අදාල අත් අඩංගුවට ගැනිම සිදුකර තිබුණි. අදාල නීති විරෝධි තහනම් කෘමීනාශක බෝතල හා පැකට් තොගය පල්ලිවාසල්තුරේ පොල් ඉඩමක සඟවා තිබියදී සොයා ගැනිමට පොලිස් කණ්ඩායම් සමත්ව තිබුණි.
අදාල ස්ථානය පොලිස් නිළධාරීන් වටලන අවස්ථාවේදි එම ස්ථානයේ සිටි සැකකරුවෙකු යතුරු පැදියකින් පලා ගොස් ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනිමට මේ වන විට අදාල කටයුතු කරමින් සිටින බව කියයි.
අත් අඩංගුවට ගැණුන මෙම කෘමිනාශක බෝතල් හා පැකට් තොගය කටුනායක රේගු කාර්යාලයට භාර දීමට නියමිතව ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි දෙකක නීති විරෝධි කෘමි නාශක කල්පිටියෙන් සොයාගනී