
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කර්මාන්ත සඳහා ඉඩම් අක්කර පනස්දාහක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීහු ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසූහ.
මීට පෙර ජාතික සැලැස්මකට අනුව කර්මාන්ත සඳහා ගැළපෙන ඉඩම් ලබාදීමට කටයුතු නොකර දේශපාලනමය හෝ වෙනත් හේතු මත ඉඩම් ලබාදීම හේතුවෙන් විවිධ ගැටලුකාරී තත්වයක් ඇතිවූ බව එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මේ අනුව මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ ආයතන සාකච්ඡා කර ගත හැකි පියවර සහ ඉදිරි සැලැස්ම පිළිබඳව වාර්තාවක් දෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය.
මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ වත්මන් කාර්ය සාධනය සහ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බව ද නිලධාරීහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට පුරා කම්හල් හදන්න ඉඩම් අක්කර පනස්දාහක්
Left voter Tuesday, 02 September 2025 11:35 AM
කම්හල් හදන්න ඉස්සෙල්ලා කම්හල්වල හදන්නේ මොනවද කියලා බලල ඉන්න. චින බඩු නිසා ලංකාවේ හදන කිසි දෙයක් ලාභයක් ඇතුව විකුනන්න බැ. නිකං බොරු වැඩ කරන්න එපා , රටේ සල්ලි නාස්ති කරන්න .
ගුණරත්න Tuesday, 02 September 2025 12:00 PM
අන්න හරි. මෙහෙ අමුද්‍රව්‍ය නැහැ, ලාභ විදුලි බලය නැහැ. කම්කරු වැටුප් වෙනත් රටවලට වඩා වැඩියි. ඉතින් මොකක් හැදුවත් වියදම පියවාගන්න මිළ කලහම ඊට වඩා ලාබෙට කොලිටියට පිටරටකින් ගන්න පුළුවන්. ඉතින් පාඩුයි
ගුණරත්න Tuesday, 02 September 2025 12:01 PM
අන්න හරි. මෙහෙ අමුද්‍රව්‍ය නැහැ, ලාභ විදුලි බලය නැහැ, කම්කරු වැටුප් වෙනත් රටවලට වඩා වැඩියි. ඉතින් මොකක් හැදුවත් වියදම පියවාගන්න මිල කලහම ඊට වඩා ලාභයට කොලිටියට පිටරටකින් ගන්න පුළුවන්. ඉතින් පාඩුයි
කෞෂි Tuesday, 02 September 2025 12:00 PM
ගජමිතුරන්ට රජයේ ඉඩම් ටික කුණුකොල්ලෙට බෙදලා දෙන මගඩියක් මේක. දැන් ඉන්න ඇමතිලා දෙන ගේම් ජනතාව දන්නවා.