IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුප්පත්කමට කෝටි පහයි: සමෘද්ධියේ පඩි දෙන්න කෝටි 2000 යි

(සුජිත් හේවාජුලිගේ)

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දිළිඳුකම පිටු දැකීමට කෝටි පහක මුදලක් වැය කරද්දී  කෝටි 2000 කට වැඩි මුදලක් 2024 වර්ෂයේදී එහි සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

භාණ්ඩාගාර ප්‍රතිපාදන රුපියල් කෝටි පහකින් රුපියල් කෝටි හතරකට වැඩි මුදලක්  සවි බල ගැන්වීම සඳහා භාවිතා කර තිබූ බවත්  එම මුදලින්ද  කෝටි දෙකකට වැඩි මුදලක් පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වෙනත් කටයුතු වෙනුවෙන් වැය කර තිබූ බවත්  වාර්තාවේ දැක්වේ.

සමාජ සවි බල ගැන්වීමේ වැඩසටහන්  වෙනුවෙන්  වැය කර තිබූ මුදල රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි බවත්  එය මුළු වියදමින් සියයට 51 ක් බවත්  වාර්තාව සඳහන් කරයි.

ඒ අනුව දෙපාර්තමේන්තුවේ සේවක පිරිවැය දෙපාර්තමේන්තුවේ අරමුණු ඉටුකර ගැනීමට දරණ පිරිවැයට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බව පවසන  විගණන  කාර්යාලය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණ දිළිඳු බව තුරන් කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම උදෙසා ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම බවද  සදහන් කරයි.

මේ අනුව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීමට කාලෝචිත  වැඩසටහන් වහා ක්‍රියාත්මක කළ යුතු බවට විගණන අංශය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත. මේ අතර දෙපාර්තමේන්තුවේ ඩිෆෙන්ඩර් ජීප් රථයක් පැජරෝ  රථයක් සහ වෑන් රථයක් ගරාජවල ගාල්කර වසර හතක් ගතවී අැතත් ප්‍රයෝජනයට නොගෙන පැවතුණු බවද  වාර්තාව සඳහන්  කරයි

සමනල වැව පුහුණු මධ්‍යස්ථානයේ නයි මිරිස් වගා පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ   වර්ග අඩි 800ක හරිතාගාරයක් ඉදිකර ප්‍රාග්ධන වියදම් වශයෙන් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය කර තිබුණද   ප්‍රයෝජනයට නොගෙන පැවතුන බව විගණන අංශ පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ  2024 වාර්ෂික වාර්තාවට  ඇතුළත් කර ඇති විගණන ලේඛනයේය.


 



අදහස් (1)

දුප්පත්කමට කෝටි පහයි: සමෘද්ධියේ පඩි දෙන්න කෝටි 2000 යි

සමුර්ධිකා Tuesday, 02 September 2025 01:37 PM

ඒකනේ සමුර්ධිය ඇතිකල කාලයේ සමුර්ධිය විගණනයක් නොකලේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site