IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සුව ඇමති ඉන්දුනීසියා තානාපති හමුවක්

(අංජුල මහික වීරරත්න)

මෙරට ඉන්දුනීසියා තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං   මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  අතර  හමුවක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉන්දුනීසියා තානාපතිනිය  අමාත්‍යවරයාට ප්‍රසාදය පළ කළේය.

ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ශක්තිමත් කරලීම සඳහා ඉන්දුනීසියානු රජයේ සහාය නිබඳව ලබාදෙන බව ඇය මෙහි දී සදහන් කළා ය. 

ඉන්දුනිසියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මෙරට වෙළෙඳපොල වෙත ලබාදීම, රජයන් - රජයන් අතර ඖෂධ ලබාගැනීම වෙනුවෙන් මෙරට ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳවත්  තානාපතිනිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා ය. 

මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය ගෙනයනු ලබන වැඩපිළිවෙල, රජයන්, රජයන් අතර ඖෂධ ලබාගැනීමේ ක්‍රමවේදය මෙන් ම ඉන්දුනිසියාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මෙරට වෙළෙඳපොල වෙත ලබාගැනීම, රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන  පිළිබඳව ද අමාත්‍යවරයා මෙහි දී මෙරට ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය දැනුවත් කළේය. 

 

 



අදහස් (0)

සුව ඇමති ඉන්දුනීසියා තානාපති හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site