කොන්ත්‍රාත් කරන මන්ත්‍රී සංස්කෘතිය ඉවර කරනවා මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරන බව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 17 March 2025
පරිසර පනත සංශෝධනයට පරිසර පනත ඉතා ඉක්මනින් සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වතිකානය මෙම නිවේදනය නිකුත් කළේ සුවය ලබමින් සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි. 17 March 2025
‘ එ.ජා.ප පාක්ෂිකයන් 1960 ක් ජවිපෙන් මරලා‘ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1960 දෙනකු පමණ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ 3 වැනි පරිච්ඡේදයේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අද (17) පැවසීය. 17 March 2025
පුද්ගලයෙකුට අත් කියතකින් පහරදුන් මේජර් අත්අඩංගුවට පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුදහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. 17 March 2025
සංගණන විහිළුවට ලක් කරන්න එපා වන සත්ව සංගණන ආදිය විහිළුවට ලක්වීම සුදුසු දෙයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
බසය ගසක හැපී 12 ක් රෝහලේ කොළඹ - පුත්තලම මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී අද( 17) පෙරවරුවේ සිදුවු බස් රථ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 17 March 2025
ජාතික වෙසක් උත්සවය නුවරඑළියේ මලයගම් ජනතාව සමග එක්ව මෙවර ජාතික වෙසක් උත්සවය අනුව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 March 2025
දේශබන්දුට නවාතැන් දුන්නොත් වැඩ වරදී අනිවාර්යය නිවාඩු යවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 17 March 2025
මැද පෙරදිග කාන්තාවන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්? මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය. 17 March 2025
වටරැක එළිමහන් කඳවුරේ ළමෝ පහක් සාමාන්‍ය පෙළට දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවලින් දඬුවම් ලැබ බන්ධනාගාර ගත කරන ලද පාසල් සිසුන් අතුරින් පාදුක්ක වටරැක එළිමහන් සිර කඳවුරට අනුබද්ධිත තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස විද්‍යාලයේ සිටින දරුවන් පස්දෙනකු මෙවර අධ්‍යාපන පොදු සහතිකපත් විභාගයට පෙනී සිටින බව එහි පාලනාධිකාරිය පවසයි. 17 March 2025
පාර අවහිර කර කලබල කළ එකම පවුලේ 5ක් අත්අඩංගුවට පුද්ගලයෙකු පහර දුන් බව පවසා හලාවත රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් කළහකාරී ලෙස හැසිරුණු මව පියා ඇතුළු එකම පවුලේ පස් දෙනෙකු සහ පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි. 17 March 2025
සමුද්‍රදේවී පානදුරේ දි ලෙඩ වෙයි මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය. 17 March 2025
මිදිගම වෙඩි තැබීමක් වැලිගම , බටවල , පාතේගම නිවසකට අද (17 ) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි. 17 March 2025
අද පස්වරුවෙත් පළාත් රැසකට තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 17 March 2025
මැතිසබේ සුපිරි වාහන වෙන්දේසියට පාර්ලිමේන්තුවේ අධි එන්ජින් ධාරිතාව සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ආරම්භ කිරීම සඳහා එහි සියලුම වාහනවල තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපති කාර්යාලයට බාරදී ඇත. 17 March 2025
පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කර ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 16 March 2025
‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘ අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 16 March 2025
ගංගාරාමයෙන් ගැබිණි මවුනට වියලි ආහාර:දරුවන්ට පොත් බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්‍රදේශවාසී පාසල් දරුවන්ට පොත් කට්ටල ද, අද (16) ප්රදානය කළේය. 16 March 2025
ඉන්දියා ගිහින් ආ හය දෙනකුට නිව්මෝනියා තත්වයක් දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමට පැමිණි හයදෙනකු හඳුනා නොගත් නිව්මෝනියා තත්වයක් නිසා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඉන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මත කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. 16 March 2025
රෑනෙන් හැළුණු අලි පැංචෝ පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් වෙන් වූ අලි පැටව් දෙදෙනකු හමුවී ඇතැයි ගම්වාසීහු පවසති. 16 March 2025
අභිනව මහා නා හිමිට මුස්ලිම් පල්ලියෙන් උපහාර කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයකට යන අතර තුර බලංගොඩ ගොරකගහමඩ මුස්ලිම් පල්ලියට වැඩම කරවා උපහාර පිදීමේ උත්සවයක් එම මුස්ලිම් පල්ලියේ අශේක්. රිෂාඩි මව්ලවි තුමන් ඇතුළු පිරිසක් සංවිධානය කර තිබුණි. 16 March 2025
දේශබන්දු අල්ලන්න සී.අයි.ඩී. කණ්ඩායම් හයක් අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. 16 March 2025
බඩඉරිඟු බෑගයක සඟවා ගණදෙවි පිළිමයක් ගෙනැවිත් පුරාවස්තු වටිනාකමක් ඇති ගණදෙවි පිළිමයක් විකිණීම සදහා බඩඉරිගු බෑගයක සගවා මන්නාරම සිට කොළඹ දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවකු මුරුක්කන් ප්‍ර දේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බව මුරුක්කන් පොලිසිය පවසයි. 16 March 2025
වෙලේ සුදාගේ මල්ලී සොයා පොලිස් කණ්ඩායම් දෙකක් බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් සිටින වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය. 16 March 2025
උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි උඩරට දුම්රිය මාර්ගයේ මහනුවර බදුල්ල අතර දුම්රිය ගමන් වාර දෙකක් අද (16) දින අවලංගු කළ බව නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . 16 March 2025
හවුති සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. 16 March 2025
ටෝනාඩෝ කුණාටු ඇමෙරිකාව කලඹයි ඇමෙරිකාවේ ගිණිකොනදිග ජනපද කීපයකට ටෝනාඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මරණ 34 ක් වාර්තා වන බවය. එයින් මරණ 12 ක් වාර්තා වන්නේ මිසෝරි ජනපදයෙන් බව ද පැවැසෙයි. 16 March 2025
‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘ බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. 16 March 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026