මහජන අපේක්ෂා බිඳ දාන්න ඉඩ දෙන්නෙ නෑ අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (6)පැවසීය. 06 January 2025
රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස නිමල් ආර්. රණවක මහතා පත් කරනු ලැබ ඇත. 06 January 2025
ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් ඉක්මනින් හදන්න දැනට පවතින ව්‍යවස්ථාව තුළ ඇති ප්රජාතන්ත්රවාදයට විරුද්ධ කරුණු ඉවත් කර ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන විනිවිදභාවයෙන් යුත් එකමුතුකමට මුල් තැන දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැකි ඉක්මනින් සකස් කළ යුතුව ඇතැයි කොළඹ අග රද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ. 06 January 2025
නිරෝධායන නීති කඩකළැයි චෝදනාවලින් ස්ටාලින් අතුළු 34ක් නිදහස් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයේ දී අයුතු ජනරාශියක සාමාජිකයින් වී, නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි කියන ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනෙකු අදාල චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (06) නියෝග කළේය. 06 January 2025
ඖෂධ නියාමන අධිකාරිය ඇමතිගේ හදිසි නිරීක්ෂණයට ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්මත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය පෙනී සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 06 January 2025
වැලිකඩ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු සදහා “සිරකරුවන්ගේ දරුවන්ගේ මිතුරෝ” ආයතනය පාසල් උපකරණ ප්රදානය කළේය. 06 January 2025
සුව සැරිය අලුත් වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 1990 සුවසැරිය පදනමට නව සභාපතිවරයෙක් සහ කළමනාකරණ මණ්ඩල සාමාජිකයන් පත් කරනු ලැබ ඇත. 06 January 2025
මල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට රාත්‍රී කාලයේ මල් වෙළඳසැලකට ඇතුළු වී රුපියල් හැත්තෑ දහසකට වැඩි වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ මල් 2700ක් සොරකම් කල පුද්ගලයෙකු ඊයේ (5දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 06 January 2025
ක්‍රීඩා - තරුණ කටයුතු සංවර්ධනයට ඉන්දීය සහය ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහත්වරුන් අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි. 06 January 2025
වරාය කළමණාකාර අධ්‍යක්ෂක කෝටි 26 ක පාඩුවක් කරලා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක්වීමෙන් කළ දැවැන්ත පාඩුව පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට අද (6) පැමිණිල්ලක් බාරදුන්නේය. 06 January 2025
දෙමෝදරදී දුම්රියක් පිලී පනි උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානයේ දී දුම්රියක් අද (06) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 06 January 2025
සජිත් මැණික් ප්‍රදර්ශනය බලන්න යයි 2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය. 06 January 2025
අල්ලස් ගත්තැයි කියන බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී යළි රිමාන්ඩ් නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයෙකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් ඉල්ලා ,වන්දි මුදලින් කොටසක් වන ලක්ෂ 283ක මුදලක් ලැබුණු පසුව ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඔහුගේ මිතුරෙකු වන ව්‍යාපාරිකයකු ලබන 17 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (27) නියෝග කළාය. 06 January 2025
හාල් ගන්න පෝලිමේ අම්බලන්තොට වෙළඳ සංගමයේ මෙහෙයවීමෙන් අම්බලන්තොට නගරයේ දී රතු කැකුළු හාල් රජයේ පාලන මිලට ජනතාවට ලබාදීම අද සිදුවිය. 06 January 2025
අනතුරින් දොළොස් හැවිරිදි දරුවාට දිවි අහිමිවෙයි පුත්තලම සිට අනුරාධපුර දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් ඉදිරියෙන්, පාර හරහා දිව ගිය සුනඛයෙකුගේ ගැටීම වැළැක්වීමට යාමේදී එම ත්‍රී රෝද රථය මාර්ගය හරහා පෙරළී ගොස්, බස් රථයක දොළොස් හැවිරිදි පාසල් දරුවෙකු ජීවිතක්ෂයට පත් වූ බව රාජාංගනය පොලිසිය පවසයි. 06 January 2025
රටේ ජයග්‍රහණ උදෙසා සියලු දෙනා එක්වෙමු දුර්වලතා හඳුනාගෙන ඒවා මගහරවාගෙන රටේ ජයග්‍රහණ උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලය එළඹ ඇති බවත් පසුගිය වසරේ ලැබූ ජයග්‍රහණ ඉදිරියට ගෙන යමින් අලුත් වගකීම් සමූහය ඉටුකිරීමට සමදෙනා දායකවියයුතු බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය. 06 January 2025
රජරට සිංහල පේපරේ කලින් පිටවෙලා:දරුවන් හිස් අතින් ගෙදර උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විම අත්හිටුවිමට පියවර ගත්බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසිය. 06 January 2025
ඇළට වැටී සිඟිත්ත්තා මරුට මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි. 06 January 2025
කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර අත්අඩංගුවට වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. 06 January 2025
පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක් පෙන්වා ඔහු සතුව තිබූ රුපියල් 150,000 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි 06 January 2025
අදත් තැනින් තැනට පොඩි වැසි නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 January 2025
රා.නි.ස.නී. සංස්ථා සේවකයන් යකඩ ගල් කරන්න හදලා රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි . 06 January 2025
දුම්රියක් කළුතර දි පිලිපනී කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය . 06 January 2025
පොලිසියේ අඩුපාඩුවලට නීතිපති තදින් පොලිසිය අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සම්පූර්ණයෙන් අවසන් නොකර උද්ධෘත හා විශේෂ වාර්තා එවා ඇති අවස්ථාවල ඒ පිළිබඳ ලිපි ගොනුවක් විවෘත නොකර සිටීමටත් එම චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ චෝදනා ගොනු නොකරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 06 January 2025
පාස්පෝට් යළි අර්බුදයක ශ්‍රී ලාංකිකයන්ට දැනට නිකුත් කරමින් සිටින විදේශ ගමන් බලපත්‍ර 7,50,000 ක තොගයට අමතරව නව විදේශ ගමන් බලපත්‍ර තොග ලබා ගැනීම සඳහා ඇණවුමක් තවමත් රජය ලබා දී නොමැති බැවින් විදේශ ගමන් බලපත්‍ර හිඟය අඛණ්ඩව පැවැතුණහොත් ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා පිටත්වීමට තර්ජනයක් එල්ල විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගියදා අනතුරු ඇඟවීය. 06 January 2025
සමාජ සේවය කළාම හොරා කියන තැනට රට වැටිලා මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ රෝගී දරවන්ට කළේ සේවයක්. මා කිසිදු දේශපාලන අරමුණ හෝ කිසිවකු ප්‍රවර්ධනය කිරීමේ යටි අරමුණු හෝ ඇතිව මෙම රෝහලට උපකාර කළේ නැතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවැසීය. 05 January 2025
ඇමෙරිකාවේ විස මීදුමක් ඇමෙරිකාවේ ජනපද කීපයක, සවස් කාලයේ, රාත්‍රියේ සහ අලුයම අසාමාන්‍ය ඝන මීදුමක් පැතිර යන බවත්, එය රසායනික ජීව අවි ප්‍රහාරයක් විය හැකි යැයි එම ජනපද වැසියන් විශ්වාස කරන බවත් ඇමෙරිකාවේ මාධ්‍ය පවසයි. 05 January 2025
විදෙස් තරුණියගෙන් නව යුද හමුදාපතිට සැලියුට් පාරක් ශ්‍රී ලංකාවේ 25 වැනි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සිය ධූරයේ වැඩ බාරගැනීමෙන් පසු ,මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ගේ ආශීර්වාද ලබා ගත්තේය 05 January 2025
සිංහල නමින් පෙනී සිටි ඇමෙරිකානුවා අල්ලයි අමෙරිකානු ගමන් බලපත්‍රයක් යටතේ සිංහල නමකින් පෙනී සිටිමින් මාස දහයකට ආසන්න කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි අමෙරිකානු ජාතිකයෙක් මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 05 January 2025
බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද ඉවත් වුහ. 05 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025