IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නීති ගරුක රටකට නබි පණිවිඩය ආලෝකයක්

(අංජුල මහික වීරරත්න)

සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයට නබිතුමන්ගේ දහම නොනිමෙන ආලෝකයක් සපයන බව ජනාධිපති අනුර කුමාර  දිසානායක මහතා මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ජනාධිපතිවරයා මෙසේද කියයි.

ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද්-උන්-නබි උත්සවය අදට යෙදී තිබේ.

ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් වූ මුහම්මද් නබි නායකතුමන් දැහැමි සමාජයක් ගොඩනැඟීම සඳහා කැප වූ සහ ඒ වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආගමික ශාස්තෘවරයෙකි. එසේම, ඉස්ලාම් හර පද්ධතියක් ඇති කිරීමෙහි පුරෝගාමියා වන්නේද එතුමායි
එකල සමාජයට ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේදී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවේ. එවන් මොහොතක වුවද ඉවසිම සහ නිහඩතාව එතුමාගේ සියුම් ආයුධ විය. භේද-භින්නව පැවති අරාබි සමාජය වෙනුවට, ඉස්ලාම් දහමේ හරය සහ අර්ථය දරා සිටින, සහෝදරත්වයේ, සාමයේ සහ පරිත්‍යාගයේ දර්ශනය පෙරදැරි කර ගත් උතුම් සාරධර්ම සපිරි සමාජයක් නිර්මාණය කරලීමට වසර 23ක කාලයක් පුරා සිය දේශනාවෙන්, ක්‍රියාවෙන්, පරිත්‍යාගයෙන් මෙන්ම ජීවනාදර්ශයෙන් නබි නායකතුමා කැප විය.

එතුමන්ගේ ඉගැන්වීමෙහි පදනම වූයේ ජාතියෙන්, කුලයෙන් හෝ වර්ණයෙන් එක් පුද්ගලයෙකු තවත් කෙනෙකුට වඩා උසස් හෝ පහත් නොවන බවට වූ සමානාත්මතාව පිළිබඳ මහඟු සංකල්පයයි. සමාජයේ ඇති නැති පරතරය සහ දුරස්බව මුලිනුපුටා දමා සමානාත්මතාව මිනිස් හදවත්හි රෝපණය කිරීමට අරගලයක් දියත් කළ නබිනායකතුමන්ගේ ආදර්ශය, වත්මනෙහි අප හමුවේ ඇති සමාජමය අභියෝග ජය ගනිමින් සමනාත්මතාවෙන් සපිරි, නීතිගරුක සහ සාරධාර්මික රටක් ගොඩනැඟීමට දරන ප්‍රයත්නයේදී නොනිමෙන ආලෝකයක් සපයන බව මගේ විශ්වාසයයි. 

සෑම ලෙසකින්ම බිඳුණු අප සමාජයට මනුෂත්වය සහ ප්‍රේමය කැටුව එමින් නව හර පද්ධතියක් මත රට උසස් තලයකට ඔසවා තැබීමට අප දරන වෑයමේදී, අප හා ඒ ගමනට එක්ව සිටින ඔබ සැමට නබි නායකතුමන්ගේ සැබෑ ජීවනාදර්ශය ජීවිතවලට සමීප කර ගනිමින් මෙවර මිලාද්-උන්-නබි සැමරුම වඩා අර්ථවත් කර ගැනීමට ආරාධනා කරමි. 

ශ්‍රී ලාංකික සහ ලෝකවාසී සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අර්ථවත් මීලාද්-උන්-නබි උත්සවයක් වේවා!



අදහස් (4)

නීති ගරුක රටකට නබි පණිවිඩය ආලෝකයක්

. .යෝගා Friday, 05 September 2025 08:31 AM

ඇමතිලා, දේශපාලන පත්වීම් ලැබුණ නිලධාරීන්, හිතවතුන්, නෑයෝ සහ පාක්ෂිකයන් හැරුණුකොට අනිත් සියලු දෙනාම නීතිගරුක විය යුතුය. සිස්ටම් චේන්ජ්...

:       0       55

Ahmed (Gulf) Friday, 05 September 2025 01:29 PM

නබිතුමාට නමස්කාර කිරීමට පෙර, ඔහු කවුදැයි ප්‍රායෝගිකව දැනගත යුතුය!!!

:       2       2

samanFriday, 05 September 2025 03:42 PM

ඒක ඇත්ත. ගොඩක් අය හිතන් ඉන්නෙ නබි තුමා බුදුහාමුදුරුවෝ වගේ කෙනෙක් කියලා

:       0       4

නයිල් Friday, 05 September 2025 06:23 PM

ඔය දහමේ මිනිස්සු එකතු කරන දෙයක් ද තියෙන්නේ? එහෙම වුණා නම් අද ලෝකේ මෙච්චර යුද්ධ, ගැටුම් ඇති වෙන්නේ කොහොමද?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site