නියෝජ්‍ය පොලිස්පති පාට් පෙන්නා කප්පම් ගත් සැකකරු රිමාන්ඩ් නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ලබාදි පුද්ගලයන් බිය ගන්වා මුදල් ලබා ගත්තේ යැයි කියන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (05) නියෝග කළේය. 05 January 2025
රඳවාගැනීමේ බද්ද ඉහළ දැමීමෙන් ආණ්ඩුව අතෘප්තියකට පත්වෙලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩු සමයේ සියයට 5 ක්ව පැවැති රඳවා ගැනීමේ බද්ද වර්තමාන ජනාධිපති අනුර දිසානායක සියයට 10 ක් දක්වා ඉහළ දැමීම පිළිබඳව සමාජය තුළ විශාල අතෘප්තියක් ඇති බවත් බැංකු පොලියෙන් ජීවත් වන වැඩිහිටියන් ආණ්ඩුවේ බදු සෙල්ලම නිසා ජීවත් වෙන්න බැරි තත්වයකට පත්ව ඇති බවත් ජනඅරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. 05 January 2025
ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්යය සහයකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 January 2025
පර්පෙචුවල් තහනම තව මාස හයක් දික් කරයි ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ටෙෂරීස් සමාගමේ කටයුතු තවත් මාස හයකට අත්හිටුවා තිබේ. 05 January 2025
කැබ්රථයක් ප්‍රපාතයට පෙරළී තුනක් රෝහලට බණ්ඩාරවෙල දියතලාව මාර්ගයේ අබතැන්න වත්ත ප්‍රදේශයේ දී අද පස්වරුවේ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් තිදෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 05 January 2025
බස්වලින් රතු එළියක් ආණඩුව ක්‍රියාත්මක කර තිබෙන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ පෞද්ගලික බස් රථ අපහසුතාවට පත්කරන්නේ යැයි චෝදනා කරමින් බස් රථ හිමියන් වර්ජනයකට සූදානම් වන බව පෞද්ගලික බස් රථ සමිති අද (5) පස්වරුවේ පවසති. 05 January 2025
සැකකරුවන්ට ඇප ගන්න ආරක්ෂකයා පගාව අරන් මාට්ටු මිනී මැරුම් චෝදනා යටතේ රක්ෂිත බන්ධානාගර කර සිටින සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම සදහා මහේස්ත්රාත්වරයාට මුදල් ලබාදිය යුතු බව පවසා කාන්තාවන් තිදෙනකුගෙන් රුපියල් 60,000 ක මුදලක් ලබාගත් බව කියන කලවංචිකුඩි මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 05 January 2025
ජොන්ටි ශ්‍රී ලංකාව ඉහළින් ඔසොවා තබයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් මහතා සිය පවුල සමග සිදුකළ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පසුගියදා සටහනක් තැබීමට අමතක නොකළේය. 05 January 2025
සුගතදාස වහල ගරා වැටෙද්දී සල්ලි වලින් ජෝගි දාලා ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත් වූ Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාවේ දී සිදු ව ඇති මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 05 January 2025
තේ කූඩය සමග කුඩයකුත් තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වා දිමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතු යායේ වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 05 January 2025
ගල් කොරි වලින් කෝටි පහක පොල්ලක් රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල අය කර ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 05 January 2025
පොල්තෙල් ආනයනකරුවන්ගෙන් කෝටි 5000 ක බදු පොල්ලක් පොල්තෙල් ආනයනකරුවන් පිරිසක් රජයට රුපියල් කෝටි 5000ක වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය. 05 January 2025
ජනපති අපේක්ෂක තව පහකට එන සතියේ නඩු වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැරි ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනාගෙන් ඉතිරි පස්දෙනාට එන සතියේ නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 05 January 2025
දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර අවශ්‍යයි දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(5) පැවසීය. 05 January 2025
පතලකදී විදුලි සැර වැදී තරුණයෙක් මරුට බලන්ගොඩ මොරහැල ප්‍රදේශයේ වෙල්යායක ඇති මැණික් පතලකදි තරුණයෙක් විදුලි සැර වැදි අද (05) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 05 January 2025
’’ අපි ත්‍රිපෝෂ සමාගම රකිනවා’’ ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 05 January 2025
ලෝක බැංකු අනුග්‍රහයට අගමැතිනියගේ අවධානය මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. 05 January 2025
දුමින්ද සිල්වාට විශේෂ සැලකීමක් කර නෑ දුමින්ද සිල්වා නැමැති සිරකරුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ සැලකීමක් කර නොමැති බවත් තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර කළ යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 05 January 2025
රොහින්ග්‍යා සරණාගතයන් ගැන මුජුබුර්ගෙන් ජනපතිට ලියුමක් මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි. 05 January 2025
පොකුණ සුද්ධ කරන්න ගිහින් විදුලිය වැදිලා වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අැතැයි වවුනියාව පොලිසිය කියයි. 05 January 2025
උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසය පවසයි. 05 January 2025
කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසේ රන් බඩු - මැණික් කොල්ල තිදෙනකු අල්ලයි ආතර් වී දියේස් හෙවත් කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසක තිබූ රුපියල් ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කල බව කියන මවක, දියණියක සහ පුත්‍රයා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 05 January 2025
කෘෂි රසායන තොගයක් සමඟ 4ක් මාට්ටු ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය , වේලනෙයි , තුරේයූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව යාපනය, විශේෂ කාර්ය බලකාය පවසයි. 05 January 2025
සිසුවිය බිය ගන්වා අසභ්‍ය කෙටි පණිවිඩ- වීඩියෝ යවලා දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසයි. 05 January 2025
ව්‍යාජ නෝට්ටු සමඟ දෙන්නෙක් මාට්ටු දමන, වානගමුව ප්‍රදේශයේ දුරකතන අලෙවි උපාංග ස්ථානයක් මුවාවෙන් නිවසක ඉතා රහසිගතව පවත්වාගෙනගිය රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු සහ ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම සදහා උපයෝගි කරගත් ලැප්ටොප් යන්ත්‍රයක් ඇතුළු උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව දමන පොලීසිය කියයි. 05 January 2025
ගිනි අවියක්- මැගසීනයක්-උණ්ඩ රෙදි සෝදන යන්ත්‍රයකින් මතුවෙයි මත්ද්‍රව්‍ය තොගයක් මේ රටට රැගෙන ආ ධීවරයාත්‍රාවක් සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හික්කඩු ප්‍රදේශයේ නිවසක රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ හතරක් සමග සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ(4) අත්අඩංගුවට ගනු ලැබූහ. 05 January 2025
දිවයිනේ බොහෝ ප්‍රදේශයට වැස්ස නෑ සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලත් කළුතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 05 January 2025
දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන් දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය දකුණු පළාත් සභාව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 05 January 2025
ක්ලීන් ශ්‍රී ලංකා දිගරොල්ල පාලම සුන්දර වේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම කිරීම පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි 05 January 2025
බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 04 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025