
(අංජුල මහික වීරරත්න)
අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ විධිවිධාන යටතේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත. අතුරුදහන් වූ සහ දක්නට නොමැති තැනැත්තන් පිළිබඳව විමර්ශන සිදු කර ඔවුන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම සිදු කිරීම මෙම කාර්යාලය විසින් ඉටු කරනු ලබයි. මේ දක්වා එකී කාර්යාලය වෙත ලැබී ඇති 16,966 ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517 ක් ඉතිරිව ඇත. ඒ අනුව, අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන් වන විට පරීක්ෂණ සහ අදාළ රාජකාරි නිම කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින්, නීතිඥයින් ඇතුළු සුදුසුකම් සහිත පුද්ගලයින් 75 දෙනෙකුගෙන් සමන්විත අනුමණ්ඩල 25ක් පත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අතීතේ අතුරුදන් වූවන් හොයන්න 75ක අනුමණ්ඩලයක්