කැස්බෑව ප්‍රා.සභා ඡන්දය වළකන්නැයි ඉල්ලූ පෙත්සම විසිවෙයි පලාත් පාලන මැතිවරණයේදී කැස්බෑව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් තරඟ කිරීමට ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙසද සහ කැස්බෑව ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙකු ගොනු කොට තිබූ රිට් පෙත්සමක් සහ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළේය. 28 April 2025
ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 28 April 2025
ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක කල්ලියකට අයත් සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 28 April 2025
උසස් පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. 28 April 2025
අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගියේය. 28 April 2025
අකුණක් 5ක් රෝහලට යවයි අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 28 April 2025
‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘ දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කියයි. 28 April 2025
ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක් ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 28 April 2025
විමර්ශන ගැන තීරණයක් ගන්න දේශබන්දු කමිටුව අද යළි රැස්වේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය. 28 April 2025
කැනඩා වැසියෝ ඡන්ද පොළට කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය. 28 April 2025
රනිල් අල්ලස් කොමිසමට එයි චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද පෙරවරුවේ පැමිණියේය. 28 April 2025
‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘ උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් 2026 වසරේ ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවය පැවසුවාය. 28 April 2025
තැපැල් ජන්දය යළිත් අද හෙට පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්දය සළකුණු කිරීම අද (28) සහ හෙට (29) රාජ්‍ය ආයතනවලදි පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 28 April 2025
යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු සමත්ව තිබේ. 28 April 2025
පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති කරයි. 28 April 2025
කිලිනොච්චිය ගංවතුරින් යටවේ කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 28 April 2025
චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. 28 April 2025
හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක් හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 28 April 2025
දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ ඝණ අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි. 27 April 2025
දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය. 27 April 2025
මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක් දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා කළ මහනුවර මහ නගර සභාවේ සේවක පිරිස් සඳහා ශ්‍රී දන්ත ධාතුන් වැද පුදා ගැනිමේ අවස්ථාව අද සවස උදා කර දීමට දළදා ප්‍රදර්ශන කමිටුව කටයුතු කළේය. 27 April 2025
සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පාදුක්ක අරුක්වත්ත පදිංචි රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන ශිෂ්‍යාව සමත් වූවාය. 27 April 2025
නුවරඑළිය වැසි ජලයෙන් යටවේ නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය. 27 April 2025
බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 27 April 2025
දේශබන්දු කමිටුවේ සහයට සී අයි ඩී යෙන් හතරක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවේ සහයට වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු සිවු දෙනෙක් අනියුක්ත කරනු ලැබ සිටිති. 27 April 2025
ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසිවි තිබු බව ආණමඩුව කියයි. 27 April 2025
‘මහනුවර නගරය කුණු ගොඩක් වෙලා‘ ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 27 April 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026