අටබාගේ රෝහලටම බඹර ප්‍රහාරයක් බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එකොළොස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. 02 January 2025
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත. 02 January 2025
අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි. 02 January 2025
කෙහෙලියගේ බෙහෙත් සීට්ටුවට අනුමැතිය දුන් හිටපු ජනපති, අගමැතිගෙන් ප්‍රකාශ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 January 2025
හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත 01 January 2025
මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයා අල්ලයි ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට පාර්සලයක් ගැනිමට පැමිණි විදේශිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සහිත පාරසලයක් සමඟ අද(1) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි. 01 January 2025
අත්‍යවශ්‍ය භාණ්ඩ 63 ක වෙළඳ බද්ද වෙනස් නොවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙරේදා (31) නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය. 01 January 2025
පොලීසියෙන් නව ජංගම යෙදවුමක් රථවාහන වැරැදි අවම කර ගැනිම සදහා ‘ඊ ට්‍රැෆ්ක්‘ නමින් ජංගම දුරකතන යෙදවුමක් වැඩබලන පොලිස්පතිවරයගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානය හදුන්වා දෙනු ලැබීය. 01 January 2025
නාමල් කුමාර රිමාන්ඩ් රංගන ශිල්පී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයිකියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයින් අතර ආගමික වෛරයක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ’’නාමල් කුමාර’’ සැකකරු ලබන 15දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකා පුර මහත්මිය අද (01) නියෝග කළාය. 01 January 2025
මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළ අද අලුයම එකට පමණ ගම්පොළ මාළු වෙළඳසල්වල ඇති ඉවත් කරන ලද නරක් වූ මාළු කොටස්ලොරියකින් රැගෙන ගොස් සංචාරකයන් ගමන් ගන්නා අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේ පිහිටි පවුල් සියයක් පමණ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍රයකට හොර රහසේ දමමින් සිටියදී රැක සිටි ගම්මු එම පිරිස අල්ලා ගෙන ඇත. 01 January 2025
බස් ගාස්තු අසීමිතව ඉහළ යාමේ අවදානමක්? බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය. 01 January 2025
දේශීය ටයර් මිල අඩු වෙන හැඩ මෙරට නිෂ්පාදනය කරන ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ටයර් නිෂ්පාදකයින්ගේ සංගමයවෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට ඊයේ (31) සියඑකඟතාවය පළ කළහ. 01 January 2025
සේවය හැර ගිය සිවිල් ආරක්ෂකයින්ට වැඩිපුර ගෙවලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය නිලධාරීන් 85 දෙනෙකුට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 January 2025
මැතිසබේ හිලව් දීමනාවට පොල්ලක් පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇත. 01 January 2025
‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකයේ’ වර්ධනයක් ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලංකා ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සුළු වර්ධනයක් පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 01 January 2025
ජනතාව පැතූ වෙනසේ ලොකුම පංගුව රාජ්‍ය සේවකයන්ටයි ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමේ විශාලම කාර්යභාරය පැවරෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 01 January 2025
’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’ ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. 01 January 2025
තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ. 01 January 2025
උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්ෂ්යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 01 January 2025
නඩුකාරවරුන්ට මාරුවක් මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත. 01 January 2025
ටිපර් රියදුරු ටිපර් රථයෙන් වැටීමරුට බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළදී ගල් පැටවූ ටිපර් රථයෙන් බිමට වැටී රියදුරු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 01 January 2025
ගංගාරාමයේ ආශීර්වාද වැඩසටහනෙන් ජනතාවට නව වසරට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනක් අද (1) පෙරවරුවේ පැවැත්විණි. 01 January 2025
සාදයේදී බීමක් විස වී තරුණයා මරුට නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවසයි. 01 January 2025
අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 01 January 2025
ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 01 January 2025
රජය ආනයනය කළ ප්‍රථම සහල් තොගය අද සිට සතොස හා - සමූපකාරවලට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ ප්‍රථම සහල් තොගය ලංකා සතොස හා සමූපකාරවලට අද (01) සිට බෙදා හරින බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 01 January 2025
මල් වෙඩි බලන්න ආ මව - පුතා දුම්රියක ගැටෙයි කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්රදේශයයට බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ වමතේ කොටසක් වෙන්වන පරිදි බරපතළ තුවාල ලද ඇයගේ හය හැවිරිදි පුත්‍රයා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලීසිය පැවසිය. 01 January 2025
අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය. 01 January 2025
මල්නෙලන්න ගිය තරුණයා වැවේ සැඟවෙයි දඹුලු විහාරයට පැමිණෙන ජනතාවට බුදුන් වැදීම සඳහා සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රදේශයේ වැවක මල් කැඩීම ගිය තරුණයකු අද(01) දියේ ගිලී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 01 January 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025