විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක් මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය. 27 April 2025
‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘ ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 27 April 2025
නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරු මිය යයි මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. 27 April 2025
වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ මේ මේ ව්‍යාපෘතියක් නොවන අතර මෙරට අධ්‍යාපනය නිවැරදි කිරීමට අවංක අදහසින් ගන්නා ක්‍රියාමාර්ගයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 27 April 2025
මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක් මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 27 April 2025
ඉණිමඟකින් වැටී අයෙක් මරුට තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතුවෙන් එම පූජාව සිදු කරමින් සිටි පුද්ගලයෙකු අද (27) මියගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 27 April 2025
ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 27 April 2025
මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස් ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත. 27 April 2025
හොරෙන් ගජමුතු විකුණන්න ගිය දෙන්නෙක් මාට්ටු රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 27 April 2025
ආඩිඅම්බලම වැරදුණ වෙඩිල්ලේ සැකකරු රාජාංගනයෙන් අල්ලයි කටුනායක ආඩී අම්බලම දැවුමොට්ටාව ව්‍යාපාරිකයකුගේ නිවසට කඩා වැදී වෙඩිතබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් අසාර්තක වූ තැන පලා ගිය සැකකරු අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 April 2025
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අල්ලයි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේදී ටි 56 උණ්ඩ යොදා පරිහරණය කළ හැකි මෙරට නිෂ්පාදිත අලුත්ම ගිනි අවියක් , ටි 56 ජිව උණ්ඩ තොගයක් සහ ඩෙටනේටර් සොයා ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 27 April 2025
අදත් තැනින් තැනට වැසි දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 April 2025
අද නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (27) ප්‍රකාශයට පත් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. 27 April 2025
සෙඳුරු සමන් ද සිල්වා හඬ නිහඬ වෙයි ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි. 27 April 2025
කොටුපවුරෙන් වැටී තරුණයෙක් මරුට ගාල්ල කොටුපවුර මතින් ඇද වැටිමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි. 27 April 2025
උසස් පෙළ හපන්නු 2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාර නායක විද්‍යාලයේ රන්සර කුමාරගේ සිසුවා සමත් වූහ. 26 April 2025
’හරක් කටා’ ළඟ දුරකථනයක් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන්කරයි. 26 April 2025
කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි 26 April 2025
රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත. 26 April 2025
චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය 26 April 2025
උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 26 April 2025
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ 2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය. 26 April 2025
පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි. 26 April 2025
ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක් ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් පැවැත්විණි. 26 April 2025
’’මේ දේශපාලනයෙන් අපිට ලැබෙන ඇටි කෙහෙලක් නෑ’’ ’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය. 26 April 2025
උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 26 April 2025
සුවසැරියටත් ඇමති බංගලාවක් සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 26 April 2025
ජීඑස්පී කතාබහට යුරෝපා සංගමයේ කණ්ඩායමක් සඳුදා දිවයිනට යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය 26 April 2025
පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සකස් කර දීමට අසමත් වීම නිසා බව ජනාධිපති අනුර දිසානායක මහතා අනුරාධපුරයේ දී පැවසීය. 26 April 2025
විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය. 26 April 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026