IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැකකරු පොලිස් නිලධාරියා සපා පැන ගිහින්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ගංජා ජාවාරම් කරුවෙකු  පොලිස් නිලධාරියෙකු සපා කා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි .

තුවාල ලද කොස්තාපල්වරයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙ‍ෙඋපදෙස්මත  විශේෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ  රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් සංචාරයේ යෙදී සිටියදී ගැලණිගම හන්දිය අසල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ වෙනත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක අංකයක් සටහන්ව තිබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී  ගංජා මිලදී ගත් ජාවාරම්කරුගේ දුරකථන අංකය බවට අනාවරණය වීමෙන් අනතුරුව තවත් ගංජා ඉල්ලා ඔහු වෙත ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව බද්දේගොඩ ප්‍රදේශයට පැමිණෙන ලෙස දැනුම් දී ඇත

ඒ අනුව බද්දේගොඩ ප්‍රදේශයේ රැඳී සිටි සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී එකවරම පොලිස් නිලධාරින් දෙදෙනාට පහරදී ඇති අතර අනතුරුව සැකකරු අත් අඩංගුවට ගැනීමට යාමේදී නිලධාරීන් සමග පොර බදා කෑ ගැසීමේදී එම ස්ථානයට කාන්තාවන් තිදෙනෙකු හා පුද්ගලයන් කීප දෙනෙකු පැමිණ සැකකරුට සහාය දැක්වීමත් සමගම සැකකරු පොලිස් කොස්තාපල්වරයා  සපා කා පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

 

 



අදහස් (0)

සැකකරු පොලිස් නිලධාරියා සපා පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site