සෞදියේ නිල සංචාරයකට සිරියානු විදේශ ඇමැති සූදානම් සෞදි අරාබියේ නිල සංචාරයක් සිදු කරන්න යැයි ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු කළ ආරාධනය පිළිගත් බවත් එය තමාගේ ප්‍රථම නිල විදෙස් සංචාරය වනු ඇති බවත් සිරියානු විදේශ කටයුතු අමාත්‍ය අසාද් හසන් අල්-ෂිබානි ප්‍රකාශ කළේය. 31 December 2024
සිසුවා පැහැරගෙන බැංකු පොතේ මුදල් කොල්ල කාලා කහටගස්දිගිලිය ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පෞද්ගලික උපකාර පන්තියකට සහභාගී වීම සඳහා පැමිණි සිසුවෙකු හට පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර කාර් රථයක දමා ගෙන ගොස් රුපියල් 67000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සැකකරුවන් දෙකක් කාර් රථයක් සමග ඊයේ (30) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 31 December 2024
ඔඩපණ ණය දිගටම දෙන්න කැබිනට් අනුමැතිය වී මිලදී ගැනීම සඳහා මීට පෙර ක්‍රියාත්මක කරන ලද ඔඩපණ ණය යෝජනා ක්‍රමය 2024/25 මහ කන්නයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්‍රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර සිරියානු මහ බැංකු නියෝජ්‍ය අධිපති ධුරයේ කටයුතු කළ මේසා සබ්රීන්ය. 31 December 2024
දුෂණ විරෝධී පනත සංශෝධනය කරයි දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
නව වසර උදාවෙද්දී ලෝක ජනගහනය බිලියන 8ක් නව වසර උදාවන හෙට (01) දිනයේ ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. 31 December 2024
විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ගැන බලන්න කමිටුවක් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
තාත්තාගේ- සහෝදරයාගේ පොලු පහරින් අයෙක් මරුට පියා සහ බාල පුතා එක් වි වැඩිමල් පුතාට මුගුරුවලින් පහර දි ඝාතනය කර ඇති බව පුඩළුඔය පොලිසිය පැවසිය. 31 December 2024
රාජ්‍ය ආයතන ගැන පැමිණිලි විමර්ශනයට වෙනම ඒකකයක් රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශ වල විමර්ශන ඒකක පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
රජයේ මුද්‍රණාලයාධිපති පත් කිරීමට කැබිනට් අනුමැතිය රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
මුලතිව් ගුවන් හමුදා කඳවුර රඳවාගැනීමේ මධ්‍යස්ථානයක් කරයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (30) දින නිකුත් කරනු ලැබීය. 31 December 2024
සීගිරි පව්වේ අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලාට වන අලින්ගෙන් හානි සීගිරිය පව්ව ඉදිරිපිට පිහිටා ඇති සීගිරිය විහාරස්ථානයේ පිහිටුවා ඇති අසූමහා ශ්‍රාවක බුද්ධ පිළිම වහන්සේලා හය නමක් අද (31) වන අලි ප්‍රහාරයකට ලක්ව කඩා දමා ඇතැයි විහාරාධිපති පුබ්බිලියේ ධම්මානන්ද හිමියෝ පවසති. 31 December 2024
5 ශිෂ්‍යත්ව පේපරය පිටකළ අයට වන්දි ගෙවන්න නියෝග පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් වන ප්‍රේමතිලක නමැත්තාට රුපියල් මිලියන තුනක්ද ඉලංග සිංහ නමැත්තාට රුපියල් මිලියන 2 බැගින් ගෙවීමටද නියෝග කළේය . 31 December 2024
කෝටියක රටබීම-දුම්වැටි ගුවන් තොටේ හිර වෙයි රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ රට බීම තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද (31 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 December 2024
ජේජු ගුවන් යානය බිමේ දැම්මේ කුරුල්ලන්ද? දකුණු කොරියාවේ මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ ජේජු එයාර් ගුවන් යානයට සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට අවස්ථාව තිබූ පියසැරි දත්ත ගබඩා උපකරණයේ අත්‍යාවශ්‍ය කොටසක් අතුරුදන් වී ඇති බවත් ඒ හේතුවෙන් විමර්ශන කටයුතු ප්‍රමාද වනු ඇති බවත් දකුණු කොරියානු බලධාරීන් අද (31) ප්‍රකාශ කළේය. 31 December 2024
දුම්රිය වෙන් කළ ආසන නීතී දැඩි කරයි වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශපත්‍රය හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 31 December 2024
දකුණු කොරියන් ජනපති අත්අඩංගුවට ගන්න වරෙන්තු දෝෂාභියෝගයකින් පරාජයට පත්කර ධුරය අත්හිටුවනු ලැබූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත් අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත. 31 December 2024
රිය අනතුරින් තරුණයෙක් මරුට දඹුල්ල ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදි ඊයේ (30 ) සිදු වූ රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණයෙක් මියගොස් තවත් විසි හතර හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. 31 December 2024
මාර්ගයේ වැටි සිටි අයෙක් යට කරගෙන ගිහින් ගාල්ල කලේගාන පිහිටි දකුණුු පළාත් සභා ගොඩනැගිල්ල අසල මාරගයේ වැටිසිටි පුද්ගලයෙකුගේ සිරුර මතින් මෝටර් රථයක් ධාවනය කිරිම නිසා එම පුද්ගලයා මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි. 31 December 2024
පිහි පහරින් සිව් දරු පියා මරුට මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (30) මියගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි. 31 December 2024
හග්ගල රක්ෂිතයේ දුර්ලභ ශාඛ කොටස් එකතු කළ අයෙක් අල්ලයි හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 31 December 2024
පළාත් රැසකට අදත් වැසි උතුරු ,උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්වය ඉදිරි දින කීපයේදීත් තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 December 2024
පාර්ලිමේන්තු ලොක්කෝ තවත් 3ක් CIDයට පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ තවත් ප්‍රධානීන් තිදෙනෙකුගේ ඉදිරි දිනවල ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. 30 December 2024
සහල් ලොරියයි - බුලත් ලොරියයි එකට ගැටී පහක් රෝහලට පොළොන්නරුව වැලිකන්ද සිංහපුර තිහේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික සහල් ලොරියක් සහ බුලත් ලොරික් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින්, බුලත් ලොරියේ ගමන් ගත් පස් දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. 30 December 2024
කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක් අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 December 2024
ගල් කොරියෙන් කෝටි 4ක පාඩුවක් රටේ බොහෝ ප්‍රදේශවල ගල් කොරි හිමියන්ගෙන් හිඟ මුදල් අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් රජයට රුපියල් හාර කෝටි හැට නව ලක්ෂයකට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 30 December 2024
මීගොඩ - පනාගොඩ වෙඩි තැබීමට 2ක් සැකපිට මීගොඩ සහ පනාගොඩ ප්‍රදේශවල පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර ගනිමින් සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (30) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 30 December 2024
දේශිය ටින් මාළු නියම මිලට අළෙවි කළ යුතුයි ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මිලටම අලෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 December 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025